‘‘තාත්තගේ වටිනාකම වුණේ දන්න දෙයක් කියලා දෙන එකයි දන්න දෙයින් තෘප්තියට පත්වුණ එකයි.’’

0
242
සුන්දරත්වය ආලෝකයෙන් සටහන් තැබූ වෙදදුරානෝ
වෙද්‍ය එම්.එස්.වීරකෝන් මහතාගේ ඡායාරූපයක්
වෛද්‍ය එම්.එස්. වීරකෝන් මහතාගේ ඡායාරූපයක්
සුන්දරත්වය ආලෝකයෙන් සටහන් තැබූ වෙදැඳුරාණෝ

මිත‍්‍ර එස් වීරකෝන් මහතා ජේ්‍යෂ්ඨ ඡායාරූප  ශීල්පී වෛද්‍ය එම්. එස්. වීරකෝන් මහතාගේ පුත‍්‍රයායි. මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයෙන් සිය ප‍්‍රාථමික  අධ්‍යාපනය ලබා පසුව කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූ ඔහු වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකි. මේ වන විට ශ‍්‍රි ලංකා ඡායාරූප සංගමයේ සභාපතිවරයායි. ස්ටූඩියෝ ටයිම්ස් ලිමිටඞ් ආයතනයෙන් සිය වාත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු  ටෙලි සිනේ සහ ද ව‍්‍රැප් ෆැක්ටරි යන ආයතන හී රූපවාහිනියේ වෙළඳ ප‍්‍රචාරක වැඩසටහන් සහ වාර්තා වැඩසටන්හී හි නිරත විය. මිත‍්‍ර වීරකෝන් මහතා
  Tele -Extreme  ආයතනයේ අධ්‍යක්ෂකවරයායි. පසුගියදා අභාවප‍්‍රාප්ත වූ  සිය පියාණන් පිළිබදව මිත‍්‍ර එස්. වීරකෝන් මහතා සිය මතකය දිගහරිමින් අප සමඟ කළ පිළිසදරකි.
පියාණන් සමඟ ගෙවුන ඔබේ කුඩා අවධියේ  මතකය ද?
තාත්තාගෙයි මගෙයි වයස පරතරය ටිකක් වැඩියි.මට මතක හැටියට මාව හම්භවෙන්නේ අවුරුදු කීපයකට පසුවයි. ඒ කාලේ ගෙදර හැමදාම වගේ උදේ සවස බටහිර ශ‍්‍රාස්ත‍්‍රීය සංගීතය අහන්ඩ තියෙනවා.  ඒ වගේම ගෙදරට හැම සගරාවක් වගේ තැපෑලෙන් ගෙන්නුවා. නැෂනල් ජියෝග‍්‍රපි, ටයිම්ස් වගේ බොහෝ සඟරා වර්ග සමහර ඒවා ෆොටෝ්ගැප‍්‍රි වලට සම්බන්ධයි. ඔහු  හැමදාම උදේ 6.00 ට විතර මීගමුවේ වෙරළ, කොටුව පිට්ටනිය පැත්තේ ඇවිදින්ඩ යනවා මට මතකයි. ඒ වගේම පින්තූර  ගන්නවා. එයා එහෙම ගන්න හැම පින්තූරයක්ම විස්තර කරන පුරුද්දක් තිබුණා. ඒ වෙලාවෙම ඒ ගැන මට විස්තර  කරනවා. ඊට පස්සේ සතියකට සැරයක් පින්තූර ඩිවොලප් කරනවා. ගෙදර ඩාක් රූම් එකේම  පින්ට් කරනවා. මම ගිහින් බලනවා මොකද කරන්නේ කියලා. ? තමා පි‍්‍රින්ටින් කරන්නේ. හැම සුමාන දෙකකට සැරයක් වගේ කොළඹ යනවා. ෆිල්ම් රෝල් ගන්නවා , ඒ වගේම අවශ්‍ය පොත් සඟරා ගන්නවා. මට මගේම කියලා කැමරාවක් ලැබුණේ මට අවරුදු 16 දී.

මිත්‍ර එස් වීර‍ෙකා්න්
මිත්‍ර එස් වීර‍ෙකා්න්

වෛද්‍ය වීරකෝන් මහතාගේ ඡායාරූප ජීවිතය තුළ ඔබ දකින විශේෂත්වය ?
තාත්තාගේ ඡායාරූප ඡීවිතයේ කාලයක් සම්පූර්ණයෙන්ම කලූ සුදු.  ඔහු  ගොඩාක් වීදි ඡායාරූප සහ කලාත්මක යන අංශ වලින්  ඡායාරූපකරනයේ නිරත වෙලා තිබෙනවා.  ඡායාරූප වලින් ඔහු බැලූවේ මොනවා හරි කතාවක් කියන්ඩ. නග්න ඡායාරූප කලාවේත් ඔහු නිරත වුණා. ඒ පනස් ගණන් වල. එතකොට මම ඉපදිලාත් නෑ. 1978 , 79 වගේ කාල වලදී වර්ණ වලට මාරු වුණා. කලර් වලදී ඔහු  උත්සාහා කළා ස්වභාවික තත්ත්වයට වඩා යමක්  එකතු කිරීමක් කරන්ඩ. ජායාරූපය තවත් වරණ වලින් සම්පූර්ණ කරන්ඩ. ඒකෙදී එයා ස්ලයිඞ් (ධන පටල ) පාවිච්චි කළා. කලර් වලදී  තව ප‍්‍රවනතාවයකට ගියා කියලා මට හිතෙනවා. තමන් දකින දෙයට වඩා වෙනත් දෙයක් කරන්ඩ ඔහු උත්සාහා කළා. මම ඒකට එකඟ නැති වුණත් එයා ඒක දිගටම කළා. අනිත් අයටත් කියලා දුන්නා.

සුදු කලූ කරද්දී තමයි අපිට තේරෙන්නේ ඒකෙන් තමා මුලදී ඡායාරූප කලාවේ නියැලෙන්ඩ  ඕනා කියලා. සුදු කලූ වලදී තමයි පේන්නේ කොහෙද අදුරු කොතනද එළිය තියෙන්නේ කියලා. කන්ට‍්‍රාස්ට් ගන්නේ කොහොම ද?  ෆිගර් එකක් විදිහට පේන්නේ ඒ වගේ දේවල් ගොඩාක් තියෙනවා සුදු කළු වලදී.
ඉස්සර කලූ සුදු විතරනේ තිබ්බේ. එතකොට තමන්ගේ ඇහැ පුරුදුවෙන්ඩ  ඕනා කොහොමද කලූ සුදු පේන්නේ කියලා. නමුත් වර්ණ ආවට පස්සේ අපේ ඇහැ දුවන්නේ වර්ණ පසුපස. කලූ සුදු වලින් හිතන්නේ නෑ. දැන් කලර් වලින් තමා හිතන්නේ. ඉස්සර කලූ සුදු සේයා පට තිබුන නිසා කලූ සුදු වලින් තමයි හිතන්නේ. කලූ සුදු අවධියෙන් පස්සේ අපේ ඇහැ පාට ගොඩකට හුරු වෙනවා.

ඇයි ඔබ මේ ක්ෂේත‍්‍රය තෝරගත්තේ ?  
මට හිතුනා මේ ඡායාරූප පැත්ත හොදයි කියලා. මම එකම පුතා නිසා වෛද්‍යවරයෙක්ම වෙන්ඩ කියලා ගෙදරින් බල කළෙත් නෑ, ඔහුට  ඕනා වුණේ මම,  මං කැමති දේ කරනවට. නමුත් ඒ සඳහා විශේෂ කැමැත්තක් ආවෙත් නෑ, ඒකට හේතුව ගෙදරදී මම අත්දැක්ක දේ තමයි පාන්දර , ? දෙගොඩහරි ජාමේ ගොඩාක් වෙලාවට රෝගීන්ව බලන්ඩ සිද්ධ වෙනවා. ලෙඩෙක් ආවහම පාන්දර දෙකටත් බෙල් එක ගහනවා. තාත්තා ඉතින් නැගිටගෙන යනවා මට ඇහෙනවා. මම ඉතින් ඒකත් හිතුවා ,ඊට වඩා මේ වෘත්තිය මට නිදහස් කියලා දැනුණා.

තාත්තා  ඡායාරූප කලාවේ නිරත වුණේ විනෝදාංශයක් හැටියට. එයා ඒක වානිජ විදිහට කරන්ඩ පෙළඹූණේ නෑ. එයා ඒවා විකුණුවේ නෑ. කවුරු හරි ඇවිත් බලලා කැමති වෙලා අරගෙන යන අවස්ථා තිබුණා. නමුත් ඔහු පින්තූර විකුණන්ඩ පෙළඹූණේ නෑ. තාත්තගේ මෙහෙම අදහසක් තිබුණා. ආට් පොටෝ ගැෆර් කෙනෙක් කොමර්ෂල් කරන්ඩ ගියොත් එයාගේ තියන කලාත්මක කම නැතිව යයි කියලා.
  ඔබ කොහොමද ඒ ගැන හිතන්නේ ?
ඒක ඇස් දෙකකින් බලන්ඩ  ඕනා.
දැන්  කොහේ හරි ගිහින් ෂොට් එකක් ගත්තොත් හිතනවා මට මේක විකූණ ගන්ඩ තිබ්බොත් හොඳයි කියලා. ආයෙත් ඒක අමතක වෙලා මේක ප‍්‍රදර්ශනයකට හොදයි කියලා හිතෙනවා. දෙක දෙපැත්තට බෙදලා ගන්ඩ  ඕනා. දැන් මීගමුවේ ඉන්නවා ඡායාරූප ශිල්පීන් කලාත්මක ඡායාරූප කලාවෙන් පටන් අරන් වෙඩින් ඡායාරූප කරන. ඉතින් කලාත්මක ඇසකින් වෙඩින් ඡායාරූප ටිකක් කරනවා.

වෛද්‍ය වීරකෝන් මහතාගේ  ඡායාරූප කලාව ජාත්‍යන්තරයේ දී  ඇගයුමකට ලක්වුණා. එහි විශේෂත්වය කුමක් ද   ?
පිටරට තිබෙන ඡායාරූපත් එක්ක අපිත්  ගැටෙන්ඩ  ඕනා කියලා තාත්තා හිතන්ඩ  ඇති. අපේ රටටත් මොකක් හරි ගෙනත් දෙන්ඩ  ඕනා වගේ ආකල්පයක් ඔහුට තියෙන්ඩ ඇති.  ඒ නිසා තාත්තාගේ හොදම පින්තූර ටිකක් යැව්වා ජාත්‍යන්තරයට.  International year Book   එකේ අවුරුදු 05ක් විතර දිගටම එයාගේ ෆොටෝ පළ වුණා. ගොඩාක් නියුඞ් ෆොටෝ තමයි පළවුණේ. නමුත් ඒ ඡුායාරූප වල ජාත්‍යන්තර තත්ත්වයක් තිබුණා. ඒතනට නග්න ඡායාරූප යනවා කියන්නේ ඒක ලොකු පිම්මක්. ලංකාවේ අය වෙන විදිහකට බලනවා ඇති, නමුත් ඒක ඒ කාලේ කොමන් වෙල්ත් එකක් හැටියට බිතාන්‍ය පාලනය තිබුනේ. එයා තනතුරු හොයාගෙන ගියේ නෑ. නමුත්  දේශීය මෙන්ම ජාත්‍යන්තර ඡායාරූප සංගම් වලින් එයාව සම්මානයට පාත‍්‍ර කළා. එයාගේ අගය නැත්නම් වටිනාකම වුනේ දන්න දෙයක් කියලා දෙන එකයි දන්න දෙයින් තෘප්තියට පත්වුණ එකයි.

ඔබේ පියාගේ ඡායාරූප ජීවිතය හා මීගමුවත් අතර විශේෂ සම්බන්ධයක් තිබුණා ?

මීගමුව ජායාරූප කලාවට මෙන්ම ඡායාරූප සංගම් වලටත්  ජනප‍්‍රිය වුණේ තාත්තා නිසා කියලා මම හිතනවා. තාත්තා අම්මාව විවාහ කරගෙන මෙහෙට පදිංචියට ආවට පස්සේ පින්තූර ගන්ඩ යනවනේ. එතකොට මිනිස්සුන්ව අදුරනවා. හැමදාම වගේ යනවනේ ඉතින් දන්නවා. පස්සේ ඡායාරූප සංගම් හැදුණනේ. ඒවටත් එයා ගොඩාක් මුල් වුණා. ජායාරූප කලා සංගමය හැදුනට පස්සේ තාත්තා හරහා එයාලත් මීගමුවට ඇවිත් ඡායාරූප ගන්නවා. ඒ වගේ තවත් ඡායාරූප සංගම් වලින් මෙහෙට ඇවිත් පින්තූර ගන්නවා.  ඒ නිසා මේ ක්ෂේත‍්‍රයේ අය දන්නවා මීගමුවට ඇවිත් මිනිස්සුන්ගේ පින්තූර ගත්තට ප‍්‍රශ්නයක් නෑ කියලා. ඒ ගොල්ලෝ කවදාවත් බෑ කියන්නේ නෑ. අපි දන්න දෙයක් තමයි ,වෙන පළාත් වලට ගියාම  අකමැතියි පින්තූර ගන්නවට. මෙහේ ඒක නෑ. දැන් වුණත් ගිහින් බලන්ඩ ඕනා නම් ධීවරයෙක්ගේ ධීවර කාන්තාවක්ගේ පින්තූරයක් ගන්ඩ පුලූවන්. ඒ තත්ත්වයට එන්ඩ තාත්තා උදව්වක් වුණා කියලා මම හිතනවා.
වෛද්‍ය එම්.එස් වීරකෝන් මහතාගේ ජායාරුවක්
වෛද්‍ය වීරකෝන් මහතා කොපමණ කාලයක් වෛද්‍ය වෘත්තියේ නියලූණා ද?

මම හිතන්නේ එයාට අවුරුදු 84ක් වනතුරුත් රෝගීන්ව බැලූවා. එයා බලාපොරොත්තු වුණා ප‍්‍රතිකාර කිරීමට. එයාලා ආවහම විස්තර කතා කරනවා එහෙම මට ඇහෙනවා. එයා දවල් 12 ඉදලා 3 වෙනකම් සාමාන්‍යයෙන් නින්දක් දානවා. පස්සේ කාරෙකට පැයක් වගේ කාලය වෙන්කරනවා. රෙපායරින් වලටත් එයාම යනවා. ඒ වගේම එයාව මුණ ගැහෙන්ඩ ඡායාරූප සංගම් වගේම ඡායාරූප ශිල්පය ගැන උනන්දු අය  දිනපතාම එන්ඩ ගත්තා. එහෙම පිරිසක් ආවම තාත්තා පොඩි දේශනයක් දෙනවා. ඡාරූපකරනය ගැන. ඒ වගේම ස්ලයිඞ් ෂෝ එකක් පෙන්නනවා. ඒ අයට තේ පැන් සංග‍්‍රහයක් එහෙම කරලා එයාගේ දැනුම බෙදාගෙන තමයි යවන්නේ.

ඔහුගේ සැදෑ කාලය ගැන  මතකය ?
2011 වෙනකම් අම්මයි තාත්තයි මීගමුවේ එයාලා හිටපු ගෙදර තමයි හිටියේ. ගිය අවුරුද්දේ තමයි එතනින් වෙන්වුණේ. එයාගේ වයස අවු  84-85 වෙනකම් එයා  රෝගීන්ට ප‍්‍රතිකාර කළා. පස්සේ වයසට යද්දී ඒක නැවැත්තුවා. පස්සේ එයා ඒ වෙලාවට ඇදගෙන එහෙම ඉන්නවා. එයා හිතුවා එයා රෝගීන්ව බලනවා කියලා. ඒක විතරක් නෙමේ මේ මෑතක් වනතුරුම එයා එළියට යනවා නම් කැමරාවත් අරන් යන්නේ. අන්තීමට පාවිච්චි කළ කැමරාව කැනන් F 1 කැමරාවක්. ඩිජිටල් කැමරාවක් පාවිච්චි කළේ නෑ. ඒ වෙද්දී වයස වැඩියි.

E Mail              : mithrenu@sltnet.lk , txtreme@sltnet.lk
Photo site        : http://www.flickr.com/photos/weerakonephotogallery
Blog                 : www.mithra-srilanka.blogspot.com

සුන්දරත්වය  ආලෝකයෙන් සටහන් තැබූ වෙදැඳුරාණෝ

ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශීල්පියෙකු වූ වෛද්‍ය එම්.එස්. වීරකෝන් මහතා මාර්තු 08 වනදා අභාවප‍්‍රාප්ත විය.  ඒ වන විටත් වෛද්‍ය වීරකෝන් මහතා 88 වන වියෙහි පසු විය. ඔහුගේ අවමංගල්‍ය කටයුතු සිදුවූයේ කොළඹ – ජාවත්තේ පිහිටි සිය පුතණුවන්ගේ නිවසේදී වන අතර ඔහුගේ දේහය භූමදානය කරන ලද්දේ මොරටුව රාවතාවත්ත සුසාන භූමියේදීය. වෛද්‍ය වීරකෝන් මහතා 2011 වසර වනතෙක්  ඔහුගේ මීගමුවේ පිහිටි නිවසේ ඔහුගේ බිරිද සමග ජීවත් වූයේය. අපට සිටි  ශ්‍රේ‍්‍රෂඨ ඡායාරූප ශීල්පියෙකු ලෙස සැමගේ ගෞරවාදරයට පාත‍්‍රවූ වෛද්‍ය වීරකෝන් මහතා දේශීය හා විදේශීය ඡායාරූප තරග රැසකදී ජයග‍්‍රහණ රැසක් ලබාගත් දක්ෂ ඡායාරූප ශීල්පියෙකි. වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වීමත් විශිෂ්ඨ ගනයේ ඡායාරූප ශිල්පියෙකු වීමත් ඔහුගේ ජීවිතය තුළ විදහා පෑ විශේෂ භූමිකාවකි. ඔහුගේ ඡායාරූප දිවිය දශක 06ක කාලයකටත් අධික වන අතර ඡායාරූප කලාවට ඔහුගෙන් ඉටුවූ මෙහෙවර වෙනුවෙන් ඔහුව රාජ්‍ය කලා භූෂණ සම්මානයෙන්ද පුදනු ලැබීය.

1922 ඔකතෝම්බර් මස  28 වනදා බන්ඩාරවෙලදී  උපත ලැබූ මහේෂා සෙනරත් වීරකෝන් මහතාගේ දෙමාපියන් මොරටුව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වූහ. ව්‍යාපාරිකයෙකු සහ ප‍්‍රසිද්ධ මිනින්දෝරුවෙකු වූ ඔහුගේ පියා ජෝ ෆර්නැන්ඩු වීරකෝන් මහතායි.  එව්ලින් සොයිසා මහත්මිය ඔහුගේ මෑණියන් වූහ.  1953 දී වෛද්‍ය එම්.එස්. වීරකෝන් මහතා  ලලිතා තෙරෙස් සාවිත‍්‍රි මෙනෙවිය සමග විවාහ ගිවිස ගත්තේය. ඇය මීගමුව ප‍්‍රදේශයේ සම සමාජ පක්ෂයේ නායකයෙකු වූ දොස්තර හෙක්ටර් ප්‍රනාන්දු මහතාගේ දෙටු දියණියයි.  විවාහයෙන් පසු වෛඑම්.එස්.වීරකෝන් මහතා මීගමුවට පදිංචියට පැමිණියේය. ඔහු 2011 වසර තෙක්ම මීගමුවේ ජීවත් විය. වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස මීගමුව ජනතාවට වෛද්‍ය වීරකෝන් මහතා අතින් සිදුවූ මෙහෙවරද ඇගයිය නොහැකි මානව හිතවාදී මෙහෙවරකි.

වෛද්‍ය එම්.එස්. වීරකෝන් මහතා
වෛද්‍ය එම්.එස්. වීරකෝන් මහතා