ඩෙංගු බෝකල සුපිරි හෝටලයට නඩු දාන්න ගම්පහින් උපදෙස් එනකන්ලු ඉන්නේ ?

0
72

DSC00125මීගමුව කුරණ ප්‍රදේශයේ ජනතාවට ඩෙංගු බෝ කළා යැයි දැනට චෝදනා ලැබ සිටින සුපිරි හෝටලයට නඩු දැමිම තවමත් ප්‍රමාද ඇයිදැයි අප විසින් විමසා සිටි අවස්ථාවේදි මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා සදහන් කර සිටියේ ඒ සම්බන්ධයෙන් ගම්පහින් උපදෙස් ලැබනෙ තුරු සිටින බවය.
එවිට අපවිසින් විමසා සිටියේ පසුගිය කාලය තුල මීගමුවේ ඩෙංගු කීටයන් හමුවු තැන්වලටත් නඩු දැම්මේ ගම්පහින් විමසාලාදැයි යනුවෙනි.
තමන් මීගමුවට අනුයුක්තව දැනට මාස 2 කක් පමණක් බවත් ඒ ගැන පැහැදිලි අදහසක් නැති බවත් ඔහු විසින් පෙරළා දුන් පිළිතුර විය.
කෙසේ වෙතත් එක් දෙයක් නම්  පැහැදිලිය.මේ සුපිරි හෝටලයට ඇති සුපිරි දේශපාලන බලය නිසා කඩෙොල් කැලේ හෝ පිටිපනදි දුප්පත් නිවැසියන්ට එරෙහිව ඩෙංගු නඩු පැවරුවා සේ සුපිරි ග්‍රැන්ඩිසා හෝටලයට නඩු නොපැවරෙනු ඇත.