ලෝක කුසලානයට යන ශ්‍රිලංකා ක්‍රිකට් පිලට මීගමුවෙන් දෙදෙනෙක්

0
63

dasun 132016 විස්සයි – 20 ලෝක කුසලානයට හා අසියානු කුසලානයට නියමිත 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයට පත් කර තිබේ.මෙම සංචිතය සදහා ඉතිහාසයේ පළමු වරට මීගමුව නියෝජනය කරන ක්‍රිඩකයන් දෙදෙනෙකු නම් කර තිබේ.
ඒ දසුන් ශානක සහ දුෂ්මන්ත චමීර යන දෙදෙනායි.
මේ ක්‍රිඩකයන් දෙදෙනාගේ පාසැල් ක්‍රිකට් ජිවිතයේ ආරම්භය මීගමුව සා.පිතර විදුහලෙනුත්,මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසැලෙනුත් සිදුව තිබුණ අතර පසුව මේ දෙදෙනාම මාරිස්ටෙලා විදුහල නියෝජනය කළ අය විමද තවත් විශේෂත්වයකි.

ශ්‍රිලංකා  සංචිතයේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව ඇති අතර ඇන්ජලෝ මැතිව්ස් හට උප නායකත්වය දරනු ඇත.

ආසියානු කුසලාන තරගාවලිය ලබන 24 වැනිදා ආරම්භ වන අතර අයි.සී.සී. ලෝක කුසලාන පන්දුවාර විස්සයි – 20 තරගාවලිය මාර්තු මස 8 වැනිදා ආරම්භ වීමට නියමිතය.

ශ්‍රි ලංකා සංචිතය

ලසිත් මාලිංග (නායක), ඇන්ජලෝ මැතිව්ස්‌ (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, දිනේෂ් චන්දිමාල්,ෂෙහාන් ජයසූරිය, මිලින්ද සිරිවර්ධන, දසුන් ෂානක, රංගන හේරත්, නුවන් කුලසේකර, සචිත්‍ර සේනානායක, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩසේ, තිසර පෙරේරා, චාමර කපුගෙදර, නිරෝෂන් දික්‌වැල්ල