ඩෙංගු බෝකලැයි කුරණ ග්‍රැන්ඩිසා සුපිරි හෝටලයට නඩු ?

0
61

dengu protest 3JPGමීගමුව කුරණ පිහිටි ග්‍රැන්ඩිසා නම් වු සුපිරි හෝටලයේ ඩෙංගු මදුරු කීටයන් සිටි බවට මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යලය පළමුව නිරික්ෂණය කරනු ලැබුවේ 2016 ජනවාරි මස 27 වනදාය.
ඒ වන විටත් එහි සේවය කළ සේවකයන් 13 දෙනෙකුට ඩෙංගු වැළදි තිබුණ බව මීගමුව රෝහල් ආරංචි මාර්ග විසින් දක්වා තිබුණි.
එමෙන්ම මෙම හෝටලය අවට ගම්වැසියන් රැසක්ද ඉතා අවාසනාවන්ත ලෙස ඩෙංගු රෝගයට ගොදුරුව සිටිම ගැන ග්‍රැන්ඩිසා හෝටලයට චෝදනා කරමින් ගම්වාසින් විසින් උද්ඝෝෂණයක්ද සංවිධානය කරන ලදි.
මෙහි ඇති බරපතල තත්වය කළමණාකරණය කරගැනිම සදහා වහා ක්‍රියාත්මක වු එහි පාලකයන් මාධ්‍යවේදින්ට පුද්ගලිකවම කථාකරමින් මේ ගැන පුවත් පළවිම වලක්වාලිමට කටයුතු කර තිබුණ බවට අප වෙත සාක්ෂි රැසක් ලැබි ඇත.
එමෙන්ම ඩෙංගු වසංගත ඒකකය භාර ජාතික අධ්‍යක්ෂකවරයාට පවා මේ හෝටලයට එන්නට සිදුව තිබුනේ මෙහි ඇති බරපතල තත්වය නිසාවෙනි.
කෙසේ වෙතත් දේශපාලනික එල්ල වෙමින් තිබුණ බලපෑම් හමුවේ මීගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ ප්‍රධාන නිළධාරින් මෙම  හෝටලයට එරෙහිව නඩු දැමිම ගැනද මැලිකමක් දක්වා සිටින බවද අප විසින් මතු කලෙමු.
කෙසේ වෙතත් මේ ප්‍රදේශය භාරව සිටින මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ගම්වාසින්ට පවසා තිබුනේ ඩෙංගු බෝකරන්නට මුල්ව ඇති ප්‍රදේශයේ සැමට නීතිය එක සේ ක්‍රියාත්මක කිරිමට කිසිවිටකත් පසුබට නොවන බවය.
ඒ අනුව ග්‍රැන්ඩිසා හෝටලයට දැනටමත් නඩු දමා ඇති බවද වාර්ථා වේ.
මේ සම්බන්ධයෙන් වැඩිවිස්තර දැනගැනිම සදහා මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා සම්බන්ධ කරගැනිමට කිප විටක් උත්සාහ කළද එය අසාර්ථක විය.