ග්‍රැන්ඩිසා සුපිරි හෝටලයට ඩෙංගු නඩුවක් දැමු PHI ට ස්ථාන මාරුවක් ?

0
57

dengu protet 101මීගමුව කුරණ පිහිටි ග්‍රැන්ඩිසා සුපිරි හෝටල් පරිශ්‍රය තුල ඩෙංගු කීටයන් හමුවිම හේතුකොට ගෙන එයට එරෙහිව නඩු දැමිම විවිධ බලපෑම් නිසා පමා වි තිබුණද කුරණ ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරියා විසින් මේ වන විට නඩුවක් දමා ඇතැයි වාර්ථා වේ.
මේ අතර මෙම මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරියාට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලමින් කිසියම් පිරිසක් මීගමුවේ සෞඛ්‍ය කාරක සභාවේ සභාපතිත්වය දරන  නාගරික මන්ත්‍රි දායාන් ලංසා හට ලිපියක් එවා ඇතැයිද කියැවේ .
කෙසේ වෙතත් අප විසින් මීට ටික කලකට ඉහතදි මීගමුව සෞඛ්‍ය කාරක සභාවේ සභාපතිවරයා ලෙස ග්‍රැන්ඩිසා හෝටලයේ සේවකයන් 13 කට ඩෙංගු වැලදි තිබිම ගැන දන්නේ දැයි අසා සිටි අවස්ථාවේ ඔහු මීපුර වෙබ් අඩවියට පවසා සිටියේ තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බවය.
තතු එසේ වුවද ග්‍රැන්ඩිසා හෝටලයට එරෙහිව අදාල ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා මාරු කළ යුතුයැයි රාවයක් මේ දිනවල යමින් පවතින බවත් එසේ සිදුකළ හොත් ග්‍රැන්ඩිසා බලධාරින් මෙන්ම අවංක රජයේ සේවකයන්ගෙන් පළිගන්නා සකලාකාර බලධාරින්ට එරෙහිව තමන් පාරට බහින්නට සුදානමින් සිටින බවද මීපුර වෙබ් අඩවිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් කුරණ ප්‍රදේශවාසින් පවසා සිටියහ.