මම සමසභාපතිකම ගත්තේ මාළු දිලා, අල්ලස් දිලා නෙමේ – රොයිස් කියයි

0
34

my3 roies 2මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සම සභාපතිත්ය සදහා මීගමුව එජාප ආසන සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය දා පත් කර තිබුණි.
ඊට පෙර මෙම කමිටුවේ සභාපතිවරයා වුයේ නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මහතාය.
මීගමුව ආසනය වැඩි ඡන්ද 31000 කින් දිනුවද පාර්ලිමේන්තු මන්ත්‍රිධුරයක් අහිමිවිම ගැන කණස්සල්ලෙන් සිටි ජනතාවට දැන් යම් අස්වැසිල්ලක් ඇතිව තිබෙන්නේ රොයිස් විජිත මහතාවද සමසභාපතිවරයෙකු ලෙසින් දැන් නම් කර ඇති බැවිනි.
මෙම පත්විම ගැන මීපුර වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් රොයිස් විජිත මහතා කියා සිටියේ තමන් මේ තනතුර සොයා ගියා නොව එය තමන් ලගටම ආ බවය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ සම සභාපතිකම ගැනිම සදහා තමන් මාළු හෝ අල්ලස් නොදුන් බවය.