හෙල්මට් නැතිව දරුවන් රැගෙන යන දෙමව්පියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකයි !

0
188

no helmet8මීගමුවේ පාසැල් කරා සියදරුවන් යතුරු පැදිවලින් රැගෙන යන දෙම්ව්පියන් අතර දරුවන් සදහා ආරක්ෂිත හිස්වැසුම් පැළද නොසිටිමේ ප්‍රශ්ණය පිළිබදව මීගමුව පොලිසියේ ඉහල පොලිස් නිළධාරින්ගේ අවධානයට යොමුකළ අවස්ථාවේදි ඔවුන් පවසා සිටියේ ඉදිරි දිනවලදි පාසැල් මට්ටමින් පවත්වන්නට නියමිත දැනුවත් කිරිම් වලදි මේ ගැන විශේෂයෙන්ම කියා සිටින බවත එමෙන්ම හෙල්මට් නැති දෙමව්පියන්ට එරෙහිව නඩු ගැනිමට පියවර ගන්නා බවත්ය.
කිසියම් ඛේදවාචකයකට පසු පමණක් නීතිය ක්‍රියාත්මක කිරිමට බලා නොසිට එවන් ඛේදවාචකය වලක්වා ගැනිමට හැකි නම් අගේය.
එහෙත් ලංකාව තුල බොහෝ විට සිදුවන්නේ නීති යළි යළිත් එලියට එන්නේ ඛේදවාචක වලින්ම පමණි.
නිදහසුනක් ලෙසින් පසුගිය දිනවල සිදුවු මරාන්තික ත්‍රිරෝද අනතුරෙන් පසුව ත්‍රිරෝද ධාවනයට අදාලව නීතිය දැඩි කිරිමට තීන්දු ගෙන තිබේ.