සාමාන්‍ය ජනයා සදහා තට්ටු නිවාස ක්‍රමයක් මීගමුවට එන්නේ කවදාද ?

0
661

property_625x300_71405002824මීගමුව වනු ගම්පහ දිස්ත්‍රික්කයේ වේගයෙන්ම දියණුවට පත්වෙමින් ඇති නගරයයි.මේ හේතුව නිවාස තැනිම සදහා ඉඩම්වල බරපතල ප්‍රශ්ණයක් මේ වන මතුවෙමින් තිබේ.
ඉඩම් මිල සීඝ්‍රයෙන් ඉහල යමින් තිබිම නිසා මැදපන්තියට පවා නගර තුල කෙසේ වෙතත් නගරය අවටින් හෝ ඉඩමක් මිළට ගැනිම අභියෝගයක්ව පවති.
මේ පසුබිම යටතේ සමාන්‍ය ජනයාගේ නිවාස ප්‍රශ්ණයට තට්ටු නිවාස ක්‍රම ඇති කිරිම ඇති එකම විසදුම බවට පත්වෙමින් තිබේ.
මේ පිළිබදව 2015 අගොස්තු මහමැතිවරණයට පෙර මීගමුවේ පැවැති රැළියකදිද එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පළ කර තිබුණි.

……..මම විශේෂයෙන් කියන්න කැමතියිිි ආණ්ඩුවේ ඉඩම් වල නීත්‍යානූකූලව අවුරුදු 10 කට වඩා පදිංචි වෙලා ඉන්න සියලූම දෙනාට අවුරුද්දක් යන්න ඉස්සර අපි සින්නක්කර අයිතිය ලබලා දෙනවා කියලා කියනවා.
අපේ ලොකුම වැඩසටහන තමා. මුළු බස්නාහිර පළාතම විශාල නාගරික ප‍්‍රදේශයක් බවට පත් කරනවා.ලක්ෂ 80 ඉන්න ඉන්දියන් සාගරය මැද විශාලම නගරය බවට පත් කරන්න.
චෙන්නයි වලට වඩා විශාල නගරයක් ඇති කරලා ජලය,  වැසිකිලි පහසුකම් සියල්ලම ලබා දීලා ඒ වගේම අපි ඇති කරන නිවාස,තට්ටු නිවාස, ලක්ෂ 05 කොටසක් මීගමුවට ලබා දෙනවා. අපේ මධ්‍යම පාන්තිකයන්ටත්, වැඩ කරන ජනතාවටත් ලෙසි ගෙවීම් ක‍්‍රමයක් අනුව කියලා මම කියන්න කැමතියි. අන්න එහෙම තමා මේ දියුණුව ගෙනියන්නේ. අපිට  ඕනා මේක නව නගරයක් කරන්න.එක කරනකොට අපේ තරුණයන් බලා ඉන්නවා රකියා විතරක් නෙමේ සල්ලිත් තියෙන නිසා සිනමාහල් අපි දෙන්නම් තමන්ගේ විනෝදාස්වාදයට.අලූත් රටක් මේ ඇති කරන්නේ. දුෂණය නැති කරන්න, නීති හදන්න, ප්‍රජාන්ත්‍රවාදය ස්ථාපිත කරන්න,ඔබ සියලූ දෙනාට අවුරුදු 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්යය කරලා ඒ අවස්ථාව ලබා දෙන්නයි මේ වැඩසටහන ක‍්‍රියාත්මක කරන්නේ කියලා කියන්න කැමතියි………
එහෙත් මතුවන ගැටලුව වන්නේ මේක මීගමුවේ සාමාන්‍ය ජනයා හට සිහිනයක් පමණක් වෙවිද යන්නයි.
මේ අතර මීගමුවේ පළමු තට්ටු නිවාස ව්‍යපෘතියක් දැන පුද්ගලික සමාගමක් විසින් ක්‍රියාත්මක කොට තිබේ.
එහෙත් ගැටළුව වන්නේ අද බරපතල නිවාස අර්බුදයක ගිලි සිටින මැදපංතියට හෝ එවන් සුපිරි නිවාස ව්‍යාපෘති කොයිතරම් නම්  ඈතද යන්නයි.
මෙවන් පසුබිම මීගමුවේ සාමාන්‍ය ජනයාට අතපෙවිය හැකි තට්ටු නිවාස ව්‍යාපෘතියක් එන්නේ කවදාද ?