ක්‍රිඩාවෙන් ජාත්‍යන්තරට ගිය මීගමුව මාරිස්ටෙලා විදුහලේ දිනෙත් සා/පෙල විභාගයෙන් ලංකාවේ 7 වෙනියා වෙයි !

0
57

1ක්‍රිඩා ජිවිතයත් අධ්‍යාපනයත් නිසි ලෙස කළමණාකරණය කරගත් මීගමුව මාරිස්ටෙලා විදුහලේ දිනෙත් ජයකොඩි සිසුවා 2015 අපොස සා/පෙල විභාගයේ විශිෂ්ටයන් අතරේ 7 වෙනි ස්ථානය හිමිකරගන්නට සමත්ව සිටි.2
පිහිණුම් ක්‍රිඩාවේ දක්ෂයෙකු ලෙස ඔහු ජගත් තරඟ කිපයකටම ශ්‍රිලංකාව නියෝජනය කර ඇත.
දෙමව්පියන්ගෙන් මෙන්ම විදුහල්පති සහෝදරතුමන් ඇතුළු ගුරු මණ්ඩලයෙන්ද  තමන්ගේ මිතුරන්ගේද නොමද සහයෙන් සිය ක්‍රිඩා ජිවිතයත් ඉගෙනිමත් සමබර ලෙසින් කළමණාකරණය කරගන්නට තමන්ට හැකි වු බව මීපුර වෙබ් අඩවිය වෙත විශේෂ ප්‍රකාශක් කරමින් දිනෙත් පවසා සිටියේය.
මීපුර වෙබ්අඩවිය හා කෙටි විඩියෝ පිළිසදරකටද ඔහු එක්ව තිබුනේ තමන්ගේ ජයග්‍රහණයේ පදනම වු සියල්ල නිසි ලෙසින් කළමණාකරණය කරගැනිම බැව් මෙවර සා/පෙල විභාගයට මුහුණ දෙන්නට සිටින දහස් ගණනක් වු සහෝදර සිසු සිසුවියන් වෙනුවෙනි.
දංකොටුව ගෝනවිල සිය ග්‍රාමය කරගත් දිනෙත්ගේ විශේෂත්වය වන්නේ ක්‍රිඩාවෙන් දියත ජයගෙන අධ්‍යාපනයෙන් රට ජයගන්නට තරම් දස්කමක් කර තිබිමයි.
සිය දෙමව්පියන් ඒ අභියෝගය නිසි ලෙසින් කළමණාකරණය කරගැනිමේ අත්දැකිම රටට ඉතිරිකර තබන්නේ අළුත් පණිවිඩයකි.
මීපුර වෙබ් අඩවිය ඔස්සේ දිනෙත්ගේ පියා විසින් අවධාරණය කරන්නට යෙදුනේ දෙමව්පියන්ගේ නිසා කළමණාකාරිත්වය නිසා රටට අහිමි වන්නට ගිය දක්ෂ ක්‍රිඩකයෙකු රැකගන්නටද ඔවුනට හැකිවු බව කියමිනි.බොහෝ දෙමව්පියන් විභාගය වෙනුවෙන් සිය දරුවන් ක්‍රිඩාවෙන් ඉවත් කරගත්තද සිය බිරිඳ හා එක්ව දිනෙත්ගේ අනාගතය සම්බන්ධයෙන් අභියෝගයක් භාර ගත් බවත් අද ඒ අභියෝගය ජයගන්නට හැකිව තිබුන බවත් අවධාරණය කර සිටියේය.

දිනෙත්ගේ පියාණන් වන දමින් ජයකොඩි සහ මව සේපාලික ජයකොඩි
දිනෙත්ගේ පියාණන් වන දමින් ජයකොඩි සහ මව සේපාලිකා ජයකොඩි