මාධ්‍ය සහෝදරත්වයේ දුම්රිය යාපනයට සේන්දු වෙයි.

0
55

image-d9b6703e445234c760808bd04a400ae6d6fca00b407f91e5383f2cea85d3fb03-V

දකුණින් උතුරට ගිය සහෝදරතවයේ චාරිකාව අද සවස 5.35 ට පමණ යාපනයට ලගා විය. එම අවස්ථාව සදහා යාපනය පදේශයේ විශාල මාධ්‍යවේදීන් පිරිසක් සහභාගී වී සිටි අතර ඔවුන් විසින් ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා, නියෝජ්‍ය ජනමාධ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන මහතා හා දකුණේ මාධ්‍යවේදීන් ඉතා උණුසුම් අයුරින් පිලිගනු ලැබුවා.එම අවස්ථාව සදහා කාන්තා කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මැතිණියද සහභාගී වී සිටියා. එහිදී උතුරේ මාධ්‍යවේදීන් විසින් මාධ්‍ය නිදහස සංකේතවත් කරමින් පෑනක සංඛේතයක් ජනමාධ්‍ය ඇමතිතුමා වෙත පිරිනමනු ලැබුවා.ජනමාධ්‍ය ඇමතිතුමාද දකුණේ සහෝදරත්වය සංඛේතවත් කරමින් දකුණෙන් ගෙනගිය රුහුණු මීකිරි හා කොකිස් ,කැවුම් වැනි රස කැවිලිද උතුරේ මාධ්‍යවේදීන් වෙත පිලිගන්වනු ලැබුවා.

ඔවුන් සියළුදෙනාම ඉන්පසුව උතුරු පළාත් සභාවේ මහ ඇමති වන සී .විග්නේශ්වරන් මහතා හමුවීමට පිටත්ව ගියා.

image-4ff0a07eb9a1f2e0d80b22f8bf0f23eb1d89b003892200eb74632c2bfba0b294-V

image-32b4a7c68d86eb7a85557d0faeacc3137ec07dd038546428e00de7bb504e117e-V

image-fcc809dcc946fa9aaad52a6e4d38bd2de57c28939c21b72e80c5569cd9f76341-V

image-b7a6e457982bb997a55eb4f2a941c2000b92a977be836887a7093b24cca6db59-V

image-34733745b480deec62ba711a0f85ed9ec6a9fdf22b65be9ed8f02ee4e9ec0fda-V

image-a017defeb9b8ae425b4b5ccd73a1c7d258c8aff88e4821bf58d20b4b5a3ab85e-V

image-28372f81f9b5b5a715412b1692eed84916601d312732242c9dcfbd73200cfcbb-V