ජපන් මාළු මීගමුවේ ලේල්ලමට ?

0
383

fish fm japan 1මීගමුවේ මංකුලියට ලෙල්ලමට යන ඔබට මේ දිනවල කුඩා කාඩ්බෝඩ් පෙට්ටිවල බහාලු ඇටවල්ලවන් බලයන් සහ කෙලවල්ලන් වැනි මාළු දැකගතහැක.
ඒ ගැන විමසා බැලිමේදි දැනගන්නට ලැබුනේ ජපානේ ධිවරයන් විසින් අල්ලනු ලබන මේ මාළු ඒ වෙලෙවේම අධිශිතකරණවලට බලාලනු ලබන අතර පසුව ඒවා වෙනත් රටවලට අපනයනය කරනු ලබන බවයි.
මේසේ ජපාපනයෙන් මාළු ආනයනය කිරිමේ නිරත මීගමුවේ එක් ව්‍යාපාරිකයෙකු විසින් විශාල තොග වශයෙන් මාලු ගෙන්විමක නිරතව සිටි.
එහෙත් මීගමුවේ මෙන්ම වෙන්නප්පුව ප්‍රදේශවලදිද මෙසේ වෙනත් පළාත්වලින් ගෙන්නු ලබන පෙට්ටි මාළු වශයෙන් ධිවරයන් විසින් නම්කර ඇති මාළු ඒ ඒ ප්‍රදේශවල ලෙල්ලම් වලදි අළෙවි කිරිම පිළිබද දැඩිවිරෝධතා පැවතිනි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මීගමුවේ මාංකුලිය මාළු ලෙල්ලමේ මාළු ප්‍රධාන පෙලේ මාළු අලෙවිකරුවෙකු කියා සිටියේ මසුන් තොග මිගමුව ලෙල්ලමට පිටපළාත්වලින් අඩුවෙන් පැමිණෙන කාලවලදි මීගමුවට පැමිණෙන ගැනුම්කරුවන් වෙනත් ලෙල්ලම් වලට යාමට නොදි මෙහිම රදවා ගැනිමට මෙසේ පෙට්ටිමාළු හෝ පැමිණිම ප්‍රයෝජනවත් බවය.දින ගණන් හෝ මාස ගණන් අයිස්වල බහාලු මසුන් පිට පලාත්වලට හෝ ආපනශාලා වෙත ගෙන ගොස් අලෙවි කරන ගැනුම් කරුවන් මෙසේ පෙට්ටි මාළු හෙවත් අයිස් මාළු මිළට ගන්නා නමුදු මීගමුවේ ජනයා කැමතිවන්නේ කල්පිටියෙන් හෝ ත්‍රිකුණාමලය මුලතිව් වැනි ප්‍රදේශවලින් මාළු පැය කිපයක් ඇතුලත ලෙල්ලමට ගෙන ඒම නිසා ඒ මාළු පමණක්ය.
අයිස් මාළු මිලෙන් පවා අඩුවුවද එය බරපතල තර්ජනය නොවන්නේ ඒ නිසා බවද ඔහු කියා සිටි.
එහෙත් ලංකාවේ පිටපළාත්වලින් අල්ලනු ලබන මාළු තොග පිටින් වැඩියෙන් මේ ලෙල්ලමට එන කාලවලදි මේ අයිස් මාළු හෙවත් පෙට්ටි මාළු ප්‍රශ්ණය හරහට සිටින බවද ඔහු අවධාරණය කර සිටියේය.
කෙසේ වෙතත් දැනට ජාපනයෙන් ගෙන්වනු ලබන පෙට්ටිමාළු කිසිදු විරෝධයක් මේ දක්වා එල්ලවන බවක් පෙනෙන්නට නැත.
මේ අතර ඉතා අනගිවර්ගයේ බලයන් කෙලවල්ලන් වැනි මසුන් ජපානයට යෑවිමේ ව්‍යාපාරයක්ද ක්‍රියාත්මකව පවති.