මුණුබුරාගේ අවසන් මොහොත දැකගන්න වැඩිමහලු යුවලකට ඉඩසලසමින් ඉතිහාඩ් ගුවන් නියමුවෙකු කළ අනුවේදිනීය ක්‍රියාව !

0
73

eti_1460537327.ගුවන් නියමුවකුගේ හදවත උණුවි පියාසර කිරිම අරඹන්නට යමින් සිටි යානයක්  යළිත් හරවා  ගුවන් තොටුපළ වෙත ගෙන ඒමට කටයුතු කර තිබිම ගැන පුවතක් එංගලන්තයේ මැන්වෙස්ට් නගරයෙන් වාර්ථා වෙනවා.
එම යානයේ සිටි යුවලකගේ මුණුපුරා තදබල ලෙස රොගාතුරුව දැඩිසත්කාර ඒකකයට ඇතුළතු කළ බව ඔවුන් වෙත දැනගන්නට ලැබෙන්නේ යානය ගුවන් ගත විමට විනාඩි ගණනක් තිබියදියි.මේ  යුවල ඔවුන් පත්ව සිටින තත්වය පිළිබදව ගුවන්යානයේ කාර්යය මණ්ඩලය වෙත දන්වා සිටිනවා .
වහාම ක්‍රියාත්මක වන ඔවුන් ඒ බව යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වෙත දැනුම් දිමට පියවර ගන්නවා.
අදාල යුවල පත්ව සිටින තත්වය ගැන සානුකම්පිත වු ඔහු යානය ඉහලට එසවිම පසෙක තබා යලිත්ගුවන් පථය දිගේ යානය හරවාගෙන පැමිණ අදාල යුවලට ගුවන් යානයෙන්  බැස යාමට අවැසි ඉඩ සලසා දෙනවා.
ඉටිහාඩ් ගුවන්සේවයට අයත් මේ යානය මැන්චෙස්ටර් හි සිට අබුඩාබි හරහා ඕස්ට්‍රෙලියා බලා ගුවන් ගතවිමට නියමිතව තිබුණා.man_1460537563
ගුවන් යානය ඕස්ට්‍රෙලියාව ලගාවිමට නියමිතව තිබුන මාර්තු 31 වනදා දිනයේදිම අර යුවලගේ මුණුපුරා ජීවිතයෙන් සමුගන්නවා.
හදවතක්  ඇති ගුවන් නියමු නිසා සිය වැඩිමහල් මුණුබුරාගේ ජිවිතයේ අවසන් පැය කිපයතුල ඔහුත් සමගින් ඉන්නට මේ යුවලට ඉඩ ලැබුන බව ඔවුන් ලෝකයාටම දන්වා සිටිනවා.
මේ උතුම් කටයුත්ත දායක වු සැම ගැන ඔවුන් අනික් අය හා බෙදාගන්නට අමතක කර තිබුනේ නෑ.
ඒ සදහා ඔවුන් සමාජ මාධ්‍යයන්ගේ ඇති ඉඩකඩ උපරිම වශයෙන් යොදාගෙන තිබුණා.
http://www.indiatimes.com ඇසුරින් සැකසුණි.