ලංකාවේ මරණවලට බලපාන තෙවන සාධකය වූ බෝ නොවන රෝගය ??

0
43
????????????????????????????????????

4d639dc5-bd3c-4529-a699-3de49adcc201

ශ්‍රී ලංකාවේ සිදුවන  මරණවලට බලපාන තුන්වන ප‍්‍රධානතම සාධකය වන්නේ බෝ නොවන රෝගයක් වන ආඝාතය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජාතික ආඝාත දිනය සමරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ඒ බව පවසා ඇත්තේ බෝනොවන රෝග පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් සහ ඒ සම්බන්ධ විශේෂ වැඩසටහනකට 27 සෙනසුරාදා මීගමුවේදී සහභාගී වෙමිනි.

‘අදුරු දිවියට – එළිය දහරක්’යන්න මෙවර ජාතික ආඝාත දිනයේ තේමාව වු අතර මෙම පාගමන සංවිධානය කළේ මීගමුව ගෙට්වේ ජාත්‍යන්තර පාසල සහ ශ‍්‍රී ලංකා අඝාත සංගමය විසින් බවයි රජය පවසන්නේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල එහිදී පවසා ඇත්තේ   බෝනොවන රෝග පිළිබඳ රටේ ජනතාව දැනුවත් කිරීම ඉතාම අත්‍යාවශ්‍ය සාධකයක් බවයි.

බෝනොවන රෝග ලෙස  හෘද වස්තුෙවි රෝග, ආඝාතය, දියවැඩියාව සහ දිගුකල් පවතින ස්වසන මාර්ගයේ ආබාධ පෙන්වා දි ඇති ඔහු ඒවා අතරින් ආඝාතය ප‍්‍රධාන තැනක් ගන්නා බවයි පවසා ඇත්තේ.

ශ්‍රී ලංකාවේ  සිදුවන මරණවලට බලපාන තුන්වන ප‍්‍රධානම සාධකය ලෙස  ආඝාතය හදුන්වා දී ඇති විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල බෝනොවන රෝග වළක්වා ගත හැකි බවත් බෝ නොවන රෝග සදහා  බලපාන ප‍්‍රධාන සාදක 03 ක් ඇති බවත් පවසා තිබේ.‍

සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පරිභෝජනය කිරීම,  ව්‍යායාම අඩු බව සහ  දුම්වැටි සහ මත්පැන් පානය කිරීම එම කරුණු 03 ලෙස පෙන්වා දී ඇති ඔහු ඒ සම්බන්ධයෙන්  අවධානය යොමු කරනවා නම් බෝනොවන රෝග අඩු කර ගත හැකි බව පවසා තිබේ.

මෙම අවස්ථාවට ජාතික ආඝාත සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය උදය රණවක , ජල සම්පාදන රාජ්‍ය ඇමැතිනී සුදර්ශණි ප‍්‍රනාන්දුපුල්ලේ  ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටි බවයි රජය පවසන්නේ.

 

 

උපුටාගැනීම – http://www.radiogagana.com