මහින්ද රාජපක්ෂව මීගමුවට ගෙනඒමේ දායන් ලංසාගේ සැලැස්ම කොටඋඩ ?

0
43

දයාන් 3මහින්ද රාජපක්ෂ මහතාව විශේෂ සාකච්ජාවක් සදහා මීගමුවට ගෙන ඒමට මීගමුව නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා මහතා සැලසුම් කර ඇතැයි යන රාවයක් පසුගිය දිනවල මීගමුවේ දේශපාලන කවයන් අතර පැතිර යමින් තිබුණි.
එයට හේතුව වි තිබුනේ  නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාගේ කාර්ය මණ්ඩල නිළධාරින් විසින් මීගමුව මහනගර සභාවේ ඇතැම් නාගරික මන්ත්‍රිවරුන් අමතා කර තිබුණ ප්‍රකාශයන්ද සමගින්ය.
එකාබද්ධ විපක්ෂයේ මැයිදිනය ගැන සාකච්ජා කිරිම සදහා රැස්විමක් මහනගර සභාවේදි පැවැත්විමට යන බව අදාල නිළධාරින් විසින් සමහරයක් නාගරික මන්ත්‍රිවරුන්ට දැනුම් දි තිබුණි.
කෙසේ වෙතත් මහින්ද පාර්ශවය නියෝජනය කරනු ලබන මීගමුෙවේ දේශපාලන ක්‍රියාකාරින් විසින් මේ බව හිටුප බස්නාහිර පළාත් සභා ඇමති ප්‍රසන්න රණතුංග මහතා වෙත දැනුම් දිමෙන් පසුව එවැන්නක් මීගමුවේ පැවැත්විමට කිසිදු සුදානමක් නැති බව දැනුම් දි ඇත.
මැයි දිනය ගැන සාකච්ජා කිරිම සදහා අප්‍රෙල් 26 වනදා හිටපු මහඇමති ප්‍රසන්න රණතුංග මෙන්ම පාර්ලෙිමේන්ත් මන්ත්‍රි ඉන්දික මහතාගේද ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ රැස්විමක් ෂෙරිලෑන්ඩ් හෝටලයේදි පැවැත්විම කටයුතු යොදා ඇතැයි වාර්ථා වේ.