බරපතල මාළු හිඟයක් මීගමුව ලෙල්ලමත් හිස් ?

0
287
පෙට්ටි අයිස් මාළු
පෙට්ටි අයිස් මාළු

මේ දිනවල මීගමුවේ මංකුලිය ලෙල්ලමෙ බරපතල මාළු හිගයක් ඇතිව තිබේ. ධීවරයින් පවසන්නේ පසුගිය සමයේදී හිගයකින් තොරව මත්ස්‍ය වෙළද පොලට මාළු ලැබී ඇත්තේ නීති විරෝධී පන්න ක්‍රම උපයෝගී කරගෙන සිදුකරන ලද මසුන් ඇල්ලීමෙන් ලැබුණ මත්ස්‍යඅස්වැන්න නිසා  විය හැකි බවයි. නමුත්  මේ වන විට ම නීති විරෝධී ක්‍රම තහනමකට ලක්වීම නිසා දැඩි මාළු හිගයක් මේ වන විට ඇති වී ඇති බවයි ඔවුන්ගේ අදහස වන්නේ. 2
එම නිසා මේදිනවල මේ මත්ස්‍ය ඉල්ලුම  පිරවෙන්නේ පිටරටින් ගෙන්වන අයිස් පෙට්ටි මාළු වලින් බවත් ඔවුන් අප කල විමසීමකදී කියා සිටියා.
මේ තත්වය යටතේ මංකුලිය ලෙල්ලමේ දෛනික මත්සය ඉල්ලුමෙන් 50%කට වැඩියෙන්නේ සැපිරෙන්නේ අයිස් මාළු වලින් බවයි වාර්ථා වෙන්නේ.6

මෙවැනි තත්වයක් ඇති වීමට බලපා ඇති හේතූන් විමසා බැලීමේදී ධීවරයින් පවසන්නේ මෙරට මසුන් ඇල්ලීම හා මත්ස්‍ය වෙළදාම ඉලක්ක කරගත් නිසි සැලසුම් නොතිබීම මෙම තත්වයට ප්‍රධානම හේතුව වී ඇති බවයි.
විදෙස් රට වලනම් මසුන් ඇල්ලීම හා මසුන් වගා කිරීමේ ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක වනවා.ඇතැම් රටවල් වසරේ මාස කිහිපයක් මසුන් ඇල්ලීමෙන් තොරව සිට එම මාස කිහිපය තුල ඇතිවන මත්ස්‍ය සම්පත ඊලග මා කිහිපය තුල නෙලා ගැනීම සිදු කිරීමේ සැලසුම් පවතින බව මෙරට ධීවරයින් පවසනවා.
එවිට එකවර විශාල මසුන් ප්‍රමාණයක් අල්ලා ගැනීමට හැකිවන නිසා එම ප්‍රමාණයෙන්  අදාල රටේ පරිභොජනයට අවශ්‍ය ප්‍රාමාණය හැර අතිරික්තය මෙලෙස අයිස් පෙට්ටි වලදමා වෙනත් රටවල් වලට ආනයනය කරන බවයි ධීවරයින්ගේ අදහසයි. 7
නමුත් ශ්‍රීලංකාව තුල මසුන් ඇල්ලීම හෝ වගා කිරීම සම්බන්දව නිසි ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක නොවීම නිසා ඇතැම් පිරිස් විසින් නීති විරෝධී පන්න ක්‍රම වෙත යොමු වෙමින් තමන්ගේ මත්ස්‍ය අවශ්‍යතාවය සපුරාගැනීමට පසුගිය කාලය තුල උත්සහ කිරීම සිදුවී තිබෙනවා.
දැන් එම නීතිවිරෝධී ක්‍රම මගින් මසුන් ඇල්ලීම තහනම් වන නිසා ශ්‍රිලංකාව සම්පූර්ණයෙන්ම මුහුදෙන් වටවූ ගොඩබිමක් වූවත් මෙලෙස මසුන් හිගයකට මුහුණ දෙන්නට සිදුව ඇති බවයි ඔවුන් කියා සිටින්නේ .  එලෙසම නීති විරෝධී පන්න ක්‍රම වලට මෙන්ම අයිස් පෙට්ටි මාළු වෙළදපොලට ලැබීම පිලිබදව තමන් කලින් දැඩි ලෙස විරුද්ධ වූවත්  දැන් ඇතිවී අති මසුන් හිගයත් සමග අයිස් මාළු වලට විරුද්ධ වීමට තමන්ට නොහැකි බව යථාවක් බවට පත්ව තිබේ.5

එම නිසා අවසාන වශයෙන් ඔවුන් මතුකරන අවශ්‍යතාවය වන්නේ  මෙරට තුල මසුන් ඇල්ලීම හෝ වගා කිරීම සම්බන්දයෙන් නිසි ප්‍රතිපත්ති අැතිකිරීමයි. එසේත් නොමැතිනම් මෙරට වෙලදපොලට ලැබෙන ප්‍රමිිතියෙන් යුතු මත්ස්‍ය සැපයුම දිගින් දිගටම හිගවිම වෙනස් කළ නොහැකි යථාර්ථයක්ම වේ.