මීගමුවේ අවිධිමත් ත්‍රිරෝද ගාල් ඉවත්කළ යුතුයි- නාගරික මන්ත්‍රි සුනිල් සිල්වා කියයි.

0
102

sunil silva 1මීගමුව නගරය තුල තැන තැන හිතුවක්කාරි ලෙසින් ස්ථාපිත වෙමින් යන ත්‍රිරෝද රථ ගාල් නිසා නගරයට එන අයට සිය වාහනයක් නවතා ගැනිමට පවා ඉඩක් නොලැබෙන තත්වයක් මතුව ඇති නිසා මේ ගැන වහාම පොලිසිය සහ අදාල බලධාරින් ඉක්මන් පියවරයක් ගන්නා ලෙස මීගමුව එජාප නාගරික මන්ත්‍රි සුනිල් සිල්වා මහතා යෝජනා කර සිටියේය.
ඔහු මේ බව  කියා සිටියේ ඊයේ මීගමුව නගර සභා ශාලාවේ පැවැති මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විමට සහභාගි වෙමිනි.
මේ පිළිබදව වහා කඩිනම් පියවරක් ගැනිමට මීගමුව නගරාධිපතිවරයා සහ පොලිසියට වගකිම පැවරුණි.