මීගමුව රෝහලේ නව ගොඩනැඟිල්ල අපායක් !

0
44

Negombo20160428_102926මීගමුව රෝහලේ නව ගොඩනැගිල්ල ඉදිකෙරුනේ එහෙම පිටින්ම එක් පුද්ගලයෙකුගේ උවමනාවටය.
ඔහු කිසිවෙකුගෙන්වත් අදහස් විමසා සිටියේ නැත.ළමා විශේෂඥ වෛද්‍යවරයා වු ලක්කුමාර තමන්ගේ හිතුමතේ මේ සියල්ල කලේය.
කෝකටත් විසදුම් දිය හැකි අන්දමේ පණ්ඩිත මහාචාර්ය වරයෙක්ද විය . මේ සියල්ල සැලැසුම් කෙරුනේ මේ දෙදෙනා විසිනි.
විශේෂඥ වෛද්‍ය ලක්කුමාරට අවැසිව තිබුනේ කෙසේ හෝ කඩිනමින් මේ නව ගොඩනැගිල්ල නිම කිරිමටය.
පිස්සන්ට හැතැම්ම නැති ගානට කටයුතු සිදුවිය.
දැන් මේ නව ගොඩනැගිල්ල එහෙම පිටින්ම අපායකි.එනම් එහි රෝගින් මෙන්ම වෛද්‍යවරුන් හෙදියන් සහ අනෙකුත් කාර්ය මන්ඩල සිටින්නේ යටින් සහ උඩින් තබා ඇති ලෝදිය බදුන් දෙකක් මැද්දේ සේය.
මේ දවස්වල මේ ගිණියමේ උපරිමයයි.
දත්ගැලවිම වෘත්තිය නිපුණාතාවය කොටගත් සෞඛ්‍ය ඇමතිවරයා හෝ ඔහු විසින් මේ ගැන බලාගන්නට යැයි කි පළාත් සභා ඇමති නිමල් ලංසාටවත් ඉදිකිරිම් ගැන කිසිදු දැනුම් ඇත්තේම නැත.
ගණිතඥයන් ඇවැසි තැනට නැට්ටුවන් පැමිණි විට සිදුවන දේ දැන් මීගමුව රෝහලේදි සිදුවෙමින් තිබේ.
මේ දඩිබිඩි ඉදිකිරිමට මුල්වු ළමා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර හෝ ඔහුගේ අග්‍රපුරෝහිත මහාචාර්ය ජයසිංහද දැන් මේ රෝහලට කිසිදු සම්බන්ධයක් නැත.
දුක් විදින්නේ රෝගීන් සහ කාර්ය මණ්ඩලයයි.Negombo20160428_1029263ඡායා- ලංකාදිප ප්‍රසාද් මුතුකුඩ