දායන් ලංසා මහින්දගේ මැයි රැළියට යන්න තීන්දු කරයි !

0
147

dayan lansaමීගමුවේ අද සවස පැවැත්විමට නියමිත රැස්විමකදි දේශපාලනිකව සිදුවනන්නට නියමිත දෙය අප කල් ඇතිව වඩාත් නිවරදිව සටහන් කළෙමු.
ඒ අනුව මීගමුවේ ශ්‍රිලනිප ක්‍රියාධරයන් කැදවා අද පැවති රැස්විමකදි මීගමුව නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා විමසා ඇත්තේ ඔබ යන්නේ කොයි මැයිරැළියටදැයි කියාය.
එහි සියල්ලෝම පිළිතුරු දි ඇත්තේ කිරුළුපන මැයි රැළියට කියාය.
ඒ අනුව යමින් දයාන් ලංසා කියා ඇත්තේ තමන්ගේ තනතුරු අහිමි වුවද තමන්ද පාක්ෂිකයන්ගේ තීන්දුවට හිසනමා කිරුළුපන යන බවය.

පහතනින් පළවන්නේ අප විසින් මීට කලින් පළකරන්නට යෙදුන පුවතයි

අප මීට අවස්ථා කිපයකදිම හෙළිදරව් කර ඇති පරිද මීගමුව නියොජ්‍ය නගරාධිපති දායන් ලංසා මහතා මේ දිනවල සිය එකම මෙහෙයුම කොට ගෙන ඇත්තේ මීගමුව තුල මහින්ද පිළේ ඔටුන්න කෙසේ හෝ තමන්ගේ අතට ගැනිමටය.
ඒ ඔටුන්නේ දැන් හිමිකරුවන් වන්නේ පළාත් සභා මන්ත්‍රි එම් සකාවුල්ලා නාගරික මන්ත්‍රි කපිල නන්ද සුලෝචන ඇතුළු පිරිසකි.
මේපසුබිම යටතේ අද දින සවස් වරුවේ ශ්‍රිලනිප ක්‍රියාකාරින් මීගමුව මහනගර සභා රැස්විම් ශාලාවට කැදවමින් දායන් ලංසා බලාපොරොත්තු වන්නේ ඔබ යන්නේ කිරුළුපනද නැතිනම් ගාල්ලටදැයි විමසාලන්නටය.
බහුතරයක් කියන්නේ කිරුළුපන නම් පෙරළුන පිට හොදා යැයි කියමින් මීගමුවේ ශ්‍රිලනිප ක්‍රියාකාරින් කියන නිසා තමන්ද ඒ අයගේ පැත්ත ගත්තා යැයි කියමින් දැනටමත් මිස් වි ඇති මහින්දගේ කෝච්චියේ එල්ලිම මෙහි ඇත්ත අරමුණ බව මහින්ද පිළේ පාර්ශවය විසින් කියා සිටි.