එජාප ආධාරකරුවන් පිරිසකට මහින්දගේ මැරයෝ කටුනායකදි පහර දීලා !

0
59

katu attack 1katu attack 2katu attack 3katu attack 4katu attack 6කොළඔ කැම්බල් පිටියේ පැවැත්වෙන මැයි දින රැළියට සහභාගිවිමට මිහින්තලේ සිට පැමිණි තම පක්ෂයේ ආධාරකරුවන්ට ඊයේ 01 දින අනුරාධපුර පලාත් සභා මංති්‍ර කණ්ඩායමක් ඇතුළු එස් එම් චන්ද්‍රසේන මහතා කටුනායකදී පහර දූන් බව සදහන් කරමින් කටුනායක පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කල බව මිහින්තලේ එ ජා ප ප්‍රධාන සංවිධායක නිතිඥ කරුණාරත්න මහතා කටුනායකදී පැවැසීය
කැම්බල් පිටියේ පැවැත්වෙන මැයි දින එ ජා ප ආධාර කරුවන්නට එස් එම් චන්ද්‍රසේන මහතාගේ ඒකාබද්ධ විපක්ෂයේ ආධාර කරුවන් විසින් දහවල් බත් පැකැට්ටුවත් කැමට ඉඩ නුදූන් මැර  කණ්ඩායමක් කටුනායක යු එල් ගේට්ටුව අසලදී පහර දී එයින් නොනැවතී කටුනායක අධිවේගි මාර්ගය අසලදීත් පහර දූන් බව ඒ මහතා ප්‍රකාශ කලේය
තම ආධාර කරුවන් පැමිණි කුලී පදනම මත ලබාගත් ලංගම හා පෞද්ගලික බස් රථ හතරකට පහරදී බස් රථයේ විදූරු වලටද අලාභ හානි සිදූකර ඇති බවත් බස් රථයේ එල්ලා තිබූ තම පක්ෂයේ ප්‍රචාරක බැනරයද ගලවා ඉරා දමා බස් රථයේ සිටි තම අධාර කරුවන් පස් දෙනෙකුට පහර දී තුවාල සිදූ සිදූ කර එයින් පුද්ගලයින් හතර දෙනෙකු මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කල බව කරුණාරත්න මහතා පැවසීය
සිද්දිය සම්බන්දයෙන් කටුනායක පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර අපක්ෂපාතීව මෙම සිදූවිම ගැන විභාග ඛරන ලෙස කටුනායක පොලීසියට දැනුම් දූන් බවත් කරුණා රත්න මහතා වැඩිදූර පැවැසීය
පියපේම මානික්ක රත්න