මීගමුව සංවාරක පුරවරයේ ප්‍රශ්ණ විසදන්න අමතක කරපු ඇමතිලා කෝටි ගණන්වලට හෝටල් ගන්න පොරකනවා ?

0
89

windmill-beach-hotelරටේ ප්‍රධාන ආර්ථික ප්‍රධාන උපමාර්ගය වන සංචාරක ව්‍යාපාරය ඉදිරියට ගෙන ඒමේදි ඒ පිළිබදව ඇත්ත දැනුමක් සහිත පාලකයන් ඒ එ් ප්‍රදේශවල නොසිටින්නේ නම් අත්වන්න නියමිත ඉරණම ගැන පැහැදිලි උදාහරණයක් දැන් මීගමුවෙන් සපයා ගත හැකිව තිබේ.
එනම් එක්සත් ජනතා සන්ධානයේ නගර සභාවක්ද බස්නාහිර පළාත් සභාවේ සංවාරක ඇමතිවරයාද මීගමුව තුල ක්‍රියාත්මක වෙද්දි සංවාරක කලාපයේ හෝටල් හිමියන්ට තමන්ගේ නොවිසදුන ප්‍රශ්ණ ගැන නොබෝදා පැවැති මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුව වෙත ඉදිරිපත් කරන්නට සිදුව තිබේ.
මේවායින් බොහොමයක් මුලික වශයෙන් නගර සභාවක් විසින් කළ යුතුව ඒවා ලෙස පෙනේ.
ඔවුන් විසින් ප්‍රධාන ප්‍රශ්ණ 8 ක් මෙසේ මීගමුව සංවර්ධන කමිටුවේ අවධානයට යොමුකර තිබුණි.
වෙරළේ පවතින් අපිරිසිදුකම ,කරවල වේලිමට වෙරළ භාවිතා කිරිම නිසා ඇතිව තිබෙන පාරිසරික ගැටළු,මුහුදු වෙරළේ වාහන ධාවනය කරමින් සිදුවන අවනිතිත ක්‍රියා,පාරවල් වල විදුලි බුබුළු නොමැති විම ,පාරවල් වල පවිත්‍රතාවය නිසි ලෙසින් සිදුනොවිම ආදි කරුණු මීට ඇතුලත්ය.
කෝටි ගණන් වැය කරමින් සංවාරක ව්‍යාපාරයක ඉදිරියට ගෙන යාමට වෙරදරන මේ හෝටල් ව්‍යපාරිකයන්ගේ ගැටළු විසදිම කෙසේ වෙතත් පසුගිය කාලය තුල බස්නාහිර පළාතේ සංවාරක ඇමතිධුරය හෙබවු ඇමතිවරයා කරන්නට යෙදුනේ මීගමුුව වෙරළ උද්‍යානයේ පිහිණුම් තාටාකයක් ඉදිකොට එය සිය පියාගේ පරිහරණයට ලබාදිමයි.
එපමණක් නොව දැන් ඔවුන් විසින් සිදුකරගෙන යන්නේ මීගමුව සංවාරක පුරවරයෙන් වෙනත් ව්‍යාපාරිකයන්ට හෝටල් හෝ ඉඩමක් ගන්නට ඉඩ නොතබමින් කෙසේ හෝ ඒවා අත්පත්කරගැනිමේ මෙහෙයුමකි.
පසුගිය කාලය තුල එක්තරා හෝටල්  හිමියෙකු අත්පිට මුදලට තමන්ගේ හෝටලය මේ රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකුට විකිණිමට සියල්ල සැලසුම් කර තිබියදි ඒ අතර මැද්දට පැන්න හිටපු සංවාරක ඇමතිවරයා ඇතුළු ඔහුගේ කොම්පැණිය එකි හෝටලයට අත්තිකාරම් දි වෙන්කොට තබාගත්තේය.
එහෙත් එකි බදු කොන්දේසි හමාර වි තිබුනද ඒ ඉතිරි මුදල තවවෙනතුරුත් ගෙවා නැතැයිද වාර්ථා වේ.
මෙවන් පසුබිමක මීගමුවේ සංවාරක ව්‍යාපාරයේ හෙට දිනය කෙබදු වේද ?