දයාන් ලංසාට නියෝජ්‍ය නගරාධිපතිකම අහිමිවෙයිද ?

0
80

Niaml BR and dayannewකිරුලපන පැවැත්වුණු මැයි දින රැස්වීමට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් ගත යුතු පියවර කවරක්ද යන්න පිළිබඳව තීරණය කිරීම පක්ෂයේ විනය කමිටුවට පවරන බව එම පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පවසන බව බිබිසි සංදේශයේ වාර්ථා කර තිබුණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සහභාගි වන පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගනු ලබන බවට පක්ෂයේ නායකයන් මැයි දිනයට පෙරාතුව මෙසේ අනතුරු අඟවා තිබිණ.
කෙසේ වෙතත් මෙම අනතුරු නොතකා මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා ඇතුළු පිරිසක් ඊට සහභාගි වි තිබේ.

“මන්ත්‍රීකම අයින් කරනවද එහෙම නැත්නම් තහනමක් කරනවද, පරීක්ෂණයක් කරනවද කියන කතාව මේ වෙලාවේ මට කියන්න පුළුවන් කමක් නෑ,” අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.