ඇමති ලංසාගේ ව්‍යාපාරික හවුලේ දෙවෙනි හෝටලයත් මෙල්වා සමාගමට විකුණයි !

0
181

ඇමති ලංසා ප්‍රමුඛ ව්‍යාපාරික හවුල විසින් පසුගිය කාලය තුල මීගමුව සංවාරක පුරවරයේ වෙනත් අයට හෝටල් හෝ ඉඩම් මිළට ගැනිමට ඉඩක් නොතබාම ඔවුන් විසින් කෙසේ හෝ ඒවා අත්පත්කරගැනිමේ මෙහෙයුමක් ගැන අප මීට කලින්ද වාර්ථා කළෙමු.
මේ ව්‍යාපාරික හවුල විසින් මීට මාස 3 කට ඉහතදි මිළට ගත් වින්ඩ් මිල් නම් වු හෝටලයද මෙල්වා සමාගමට විකුණා ඇතැයි වාර්ථා වේ.
මීගමුව කුඩාපාඩුව ප්‍රදේශයේ පිහිටි කොකනට් ග්‍රෝව් නමින් වු හෝටලයක් මීට වසර කිපයකට ඉහතදි මිළට ගෙන තිබුනේ ඇමති නිමල් ලංසාගේ ප්‍රධාන ව්‍යාපාරික මිතුරෙකු වු බොරළු සමන්ත නැමැත්තා විසිනි.
එයට මිළට ගෙන තිබුනේ ස්ටැන්ලි නැමැති අයෙකුගෙන් වන අතර ඒ ගණුදෙනුවේ තැරැව්කරුවා වන්නේ  කුඩාපාඩුව ප්‍රදේශයේ වාහන කුලියට සපයන බෝබි නම් වු අයෙකුය .
මීගමුවේ වෙරළ උද්‍යානයේ පිහිටි ජල උද්‍යානය හෙවත් පිහිණුම් තාටකය සදහා ඇමති ලංසාගේ පියා වෙනුවෙන් ටෙන්ඩරය ලබාගෙන ඇත්තේ ද මේ බෝබි නැමැත්තා විසිනි.
මෙම ගණුදෙනුව සිදුකෙරෙන අවස්ථාවේදි ඇමති නිමල් ලංසා සිටියේ ජර්මන් සංචාරයක නිරතවෙමිනි.
කෙසේ වෙතත් මේ ගණුදෙනුව සිදුව තිබුනේ රු ලක්ෂ 1400 කට බවද වාර්ථා විය.එය මිළට ගැනිමෙන්
මාස 8 කට පසුව ඔහු විසින් මේ හෝටලය තවත් අයෙකු හට රු ලක්ෂ 3600 කට විකුණා තිබුණි.
මෙහි ගැනුම්කරු වුයේ  මෙල්වා නම් වු ප්‍රකට යකඩ කම්බි නිෂ්පාදකයන් විසිනි. එහි හිමිකරු වන්නේ වැල්ලවිදියේ ව්‍යාපාරිකයෙකි.

wm1wm 2windmill-beach-hotel
සංචාරක පුරවරයේ පිහිටි වින්ඩ්මිල් නම් වු  හෝටලය කාමර 25 කින් යුක්ත වුවකි.
මෙම හෝටලය 2016 පෙබරවාරි මාසයේදි මිළට ගෙන තිබුනේ
රාජපක්ෂ සමයේ බොරළු සැපුයම්කරුවකු ලෙසින් කෝටිපතියෙකු වු සමන්ත නැමැත්තාගේ නමටය.මේ තැනැත්තා අදාල නියෝජ්‍ය ඇමති නිමල් ලංසාගේ  දේපලවල  ප්‍රකාශිත ගැනුම්කරුවාය.negombohotel11
මෙම හෝටලය රු කෝටි 19 කට මිළට ගෙන තිබුණි.

දැන් නිමල් ලංසා සහ බොරළු සමන්ත ප්‍රමුඛ ව්‍යාපාරික හවුල විසින් වින්ඩ් මිල් හෝටලය
කෝටි ගණනක ලාභයක්ද සහිතව මෙල්වා සමාගමට විකුණා තිබේ.
මෙල්වා සමාගම විසින් ඇමති නිමල් ලංසාගේ ව්‍යාපාරික හවුලෙන් මිලට ගත් දෙවනි හෝටලය වන්නේද මෙයයි.
මීගමුව කුරණ පිහිටි සුපිරි පන්නයේ හෝටලය සහ උත්සව ශාලාවේ හිමිකරුවන් වන්නේ ද ඇමති නිමල් ලංසා, බොරළු සමන්ත සහ ගැලිසන් මෝටර්ස් අධිපති ඩන්ස්ටන් ගොළු හේවාය.
DSC00112