අසුවී ටික ඇදගන්න වැඩපිළිවෙලක් නැති නගරය පාලනයක් ?????

0
162
 අක්‍රියව පවතින මළඅපවහන පද්ධතිය

මුළු මීගමුව නගරයේම අසුවි බැහැර කරනු ලබන කුරණ මළඅපවහන පද්ධතිය කැඩි ගොස් දැන් වසර 4 කක්ටත් ආසන්නය.
එහෙත් එය පිළිසකර කිරිම සදහා මේ වනතුරුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මකව නැත.පසුගිය කාලය තුල දිනකට ගලි 7 ක් 8ක අසුචි කුරණ මේජර් රාජ් ක්‍රිඩාංගනයේ කෙළවරක ලදු කැලැවකින් වටව ඇති වලකට මුදාහැර තිබුණි.
එහි පිරෙන අසුචි ඉන් අනතුරුව බටයක් දිගේ මුදා හැරුනේ  නිවෙස් ගණනාවක් පිහිටා ඇති තැනකින් දියහොඳ ඇල වෙතය.දියහොඳ ඇල හරහා මේ සියළු අසුචි බැහැර කෙරෙනුයේ මීගමුව කලපුව වෙතය.

දියහොඳ ඇලට අසුචි මුදාහැරෙන බටය..වලට මුදාහැරෙන අසුචි ඉන් ගලායන අයුරු....
මේ නිසා අධික දුඟදත් සමඟින්  තවත්  බරපතල සෞඛ්‍ය ප්‍රශ්ණ ගණනාවක් මතුව තිබේ.
මේ සම්බන්ධයෙන් වසර 2 ක් තිස්සේ නගර  සභාවට කිසිදු වැඩපිළිවෙලක් නොතිබුන බවට ප්‍රදේශවාසින් අවසන් වරට චෝදනා සිටියේ 2014 වසරේ මැයි මාසයේදිය.
ඒ ඔවුන් මාධ්‍ය කැදවා මේ අවනඩුව ඒ අය වෙත කියමිනි.
මේ අවස්ථාවට පැමිණ සිටි එවකට කර්මාන්ත කාරක සභාවේ සභාපති නාගරික මන්ත්‍රි ඩන්ස්ටන් මහතා මාධ්‍ය වෙත පවසා සිටියේ මීගමුවේ අළුතින් ඉදිකෙරෙන නවලෝක රෝහලේ සියළු මළඅපවහන මුදාහැරිමට ලැබෙන ඉඩකඩ මත කුරණ දැනට ක්‍රියාවිරහිතව පවතින මළඅපවහන පද්ධතිය පිළිසකර දිමට පොරොන්දුවි ඇති බවය.හිදි ඔහු කියා සිටියේ වසර 2 කක් ඉවසුවා සේ තවත් මාස 2 කක් ඉවසන ලෙසය.
එහෙත්  දැන් ඩන්ටිගේ මේ පොරොන්දුවට වසර 2 කකි.
ඩන්ටි හෝ ඩන්ටි නියෝජනය කරන ආණ්ඩු පක්ෂයට මේ සදහා කිසිදු වැඩපිළිවෙලක් ඇතිබවද නොපෙනේ .danty-new
දැන් මතුවන ගැටළුව වන්නේ වසර 4 ක් යනතුරු මීගමුව නගරයේ අසුචි  බැහැර කිරිමට මහනගර සභාව නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිමට අපොහොසත්ව ඇති බවය.
මේ සම්බන්ධයෙන් නාගරික කොමසාරිස් වරයාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා සිටියේ එහෙම ප්‍රශ්ණයක් ඇතිබවට ආරංචියක් ඇතැයි තමන්ට දැනගන්නට තිබෙන බවය.
මහජන බදුමුදලින් බැංකොක් සවාරි යන්නට මුදල් වෙන් කිරිම ගැන උනන්දුවන නාගරික මන්තිවරුන්ට වසර 4 කක් තිස්සේ තමන්ගේ ජනතාවක් අසුචි දුගඳ උහුලමින් විඳින පිඩාව තේරෙන්නේ නැත.එමෙන්ම ලක්ෂ 1600 ක් වැය කරමින් පුස්තකාල සංකිර්ණයක් ඉදිකිරිමට ණයට මුදල් ගෙන කටයුතු සැලැසුම් කරන නගර සභා පාලනයට මීගමුව නගරයට ක්‍රමවත් අසුවි බැහැර කරන වැඩපිළිවෙලක් නිර්මාණය කිරිමට නොහැකි වි ඇත.

 

අක්‍රියව පවතින මළඅපවහන පද්ධතිය

අක්‍රියව පවතින මළඅපවහන පද්ධතිය

උතුරා යන අසුචි පොලොවේ තැන්පත්ව ඇති අයුරු....

ක්‍රිඩාපිටියට යාබදව ඇති අසුචි වල ....

 

දුගඳ නිසා තමන් පත්ව ඇති පිඩාව ගැන කියන ගම්වැසියෙක්...

12

දරුවන් නිතර ලෙඩවන බව කියන මවක් ...

මළඅපවහන පද්ධතියේ මුරකරු වහා පිවිසුම් ගේට්ටුව දමන අයුරු...

15

 

තමදරුවන් තමන්ට ගෙනත් දෙන බත් පතවත් කන්න බැරි බව කියන මවක්