එංගලන්තයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පු මීගමුවෙන් ….

0
85

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත සංචාරයක නිරත වී සිටිනවා. එම තරගමාලාවේ පළමු ටෙස්ට් තරගය අද දින ආරම්භ වීමට නියමිතයි. පසු ගිය කාල සීමාව තුල දිගින් දිගටම කණ්ඩායමක් වශයෙන් අසාර්ථක වූ ශ්‍රී ලංකා කණ්ඩායමමෙ තරග මාලාව තමන්ගේ පරාජයේ මතකයන් පසෙක දමා නැගී සිටීමට වෙර දරනවාට සැකයක් නැහැ.
ඒ සදහා කණ්ඩායමක් වශයෙන් ජයග්‍රහණ ලබා ගැනීමට පිතිකරුවන් හා පන්දු යවන්නන් තනි තනි වශයෙන් සාර්ථක ලෙස තමන්ට පැවරෙන කාර්‍යය ඉටු කල යුතුයි.
එහිදී ජේෂ්ඨ ක්‍රීඩකයන් මෙන්ම නවක ක්‍රීඩකයන්ද තමන්ගේ කාර්‍යය හදුනාගෙන ක්‍රීඩා කල යුතු වෙනවා.

එහිදී විශේෂිත බලාපොරොත්තුවක් ලෙස මෑත කාලීනව ශ්‍රීලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ  විශේෂිතම සොයාගැනීමක්ද වන වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හදුන්වන්න පුළුවන්.
පසුගිය කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වීම දක්නට ලැබුණත් මොහුගේ අසාර්ථක වීමක් අප දුටුවේ නැහැ.
පන්දු යැවීම මගින් ඇතැම් අවස්ථාවන් වලදී කඩුලු ලබා ගැනීමට නොහැකි වූවත් කණ්ඩායමට අවශ්‍ය වන පරිදි පන්දු යැවීමක ඔහු නිරත වුණා. බොහෝ අවස්ථවන් වලදී ඔහුගේ පන්දු යැවිම ක්‍රිකට් විචාරකයින්ගේ පැසසුමට පවා ලක්වුණා.ඔවුන් පැවසුවේ ඔහු බුද්ධිමත් මෙන්ම අවස්ථානුකූල පන්දු යවන්නෙක් බවයි.ඒ නිසා මීගමුවෙන් බිහිවූ මේ දක්ෂ වේග පන්දු යවන්නාගේ දක්ෂකම් මගින් කණ්ඩායම තම ඉලක්කය වෙත ලගා වෙනු දැක ගැනීමට අපි බලාපොරොත්තුවෙන් පසුවෙනවා.

chameera2

ඒ වගේම කණ්ඩායමට තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයෙකු ලෙස එක්වූ දසුන් ශානකගේ කාර්‍යභාරයත් කණ්ඩායමේ ජයග්‍රහණය කෙරෙහි වැදගත් වනු ඇති.
පසුගිය කාලය තුල පන්දු යැවීමට ඔහුට වැඩි අවස්ථාවක් නොලැබුණත් අවස්ථාව ලැබුණ බොහෝ අවස්ථාවන් වලදී ඔහු සාර්ථක වුණා.
ඊට අමතරව ඔහු පසු ගිය කාලය තුල කණ්ඩායමේ ඔහුට ක්‍රීඩා කිරීමට ලැබුණ ස්ථානයේ ක්‍රීඩාකරමින් කල හැකි උපරිමය කිරීමට උත්සහදරූ බව කියයුතුමයි.
එහිදී ඇතැම් අවස්ථාවල ඔහුගේ කැපී පෙනෙන දස්කම් දැක ගැනීමට නොහැකි වූවත් අවශ්‍ය අවස්ථාවන් වලදී ඔහු කණාඩායම වෙනුනේ තම කාර්‍යය ඉටුකලා.
එලෙසම මේ වන විට ටෙස්ට් තරගාවලියට සහභාගී වන කණ්ඩායමේ පෙර පැවැති පුහුණු තරගයේදී දසුන්ගෙන් අනගි ශතකයක් වාර්ථා වූ බව මේ වන විට අප හැමෝම දන්නා කරුණක්.
එය පුහුණු තරගයක් වුවත් එයත් පරාජය වීමේ ලැජ්ජාවෙන් ගැලවීමට කණ්ඩායමක් වශයෙන් අපට හැකි වූයේ ඔහුගේ ඒ පිතිහරඹය නිසාමයි. එමනිසා කණ්ඩායම ඔහුගේ සැබෑ ස්ථානය කුමක්ද යන්න හදුනාගෙන නියමිත ස්ථානයේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට ලබා දුන් විට ඔහුගෙන් උපරිම ප්‍රයෝජන බා ගැනීමට අපට හැකි වනු ඇති.

asun

මේ වන විට එංගලන්ත සංචාරයක් නිරත වන ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්‍යයෙන්ම පසුගිය කාල සීමව තුල සිදුවූ කඩා වැටීමෙන් ගොඩ එන්නට සැලසුම් සකස් කර ඒ අනුව ක්‍රීඩා කරනු ඇතැයි අප විශ්වාස කරනවා. එවැනි ජයග්‍රාහී සැලසුම් නිර්මාණය කිරීමේදී පැයට කිලෝමීටර 145 ක පමණ වේගයකින් පන්දු යවන දුෂමන්ත චමීරට විශේෂ කාර්‍යභාරයක් පැවැරෙනු ඇති.මේ වන වි ලොව ක්‍රීඩා කරන වේගවත්ම පන්දු යවන්නන් කිහිප දෙනාගනේ කෙනෙක් වශයෙන් ඔහු එංගලන්ත ක්‍රීඩකයන්ට දැඩි පීඩනයක් එල්ල කරනු ඇතැයි ක්‍රිකට් විචාරකයන් පවසනවා.එලෙසම පිතිකරණයෙන් දසුන් ශානකද කණ්ඩායම වඩාත් ශක්තිමත් කරනු ඇති.ප්‍රථම වරට ටෙස්ට් වරම් දිනාගන්නා ඔහු ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

මේ ආකාරයෙන් බැලූ විට එංගලන්තයේ තරගාවලියට සහභාගී වන කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පු දෙක බිහිවී ඇත්තේ මීගමුවෙන් වීම අපට මහත් ආඩම්බරයක්.ඒ නිසා කණ්ඩායම අසාර්ථකභාවයෙන් කණ්ඩායම මුදා ගැනීමට දුෂමන්තගෙන් හා දසුන්ගෙන් ඉටු විය යුතු කාරයබාරය එලෙසින්ම ඉටු කිරීමට හැකි වේවායි ඔහුට මීපුර අපේ සුභ පැතුම්….මි
 

chameera3

 

dasun1

මිතිලායා ගමගේ