කටාන සමුප අධ්‍යක්ෂක මණ්ඩල ඡන්දයෙන් විශිෂ්ට ජයක් සුදර්ශණි පිළට !

0
47

dr.Sudarshaniකටාන විවිධ සේවා සමුපකාරයේ අධ්‍යක්ෂක මණ්ඩලය තෝරා ගැනීම සඳහා පැවති ජන්ද විමසිමේදි එජාප සහ එකාබද්ධ විපක්ෂය යැයි කියාගන්නා  පිළි අතර සන්ධානය පරදවා  සුදර්ශිණී ප්‍රනාන්පුල්ලේ මැතිණියගේ පාර්ශවය ජයගෙන ඇතැයි වාර්තා වේ.
මේ අනුව කටාන විවිධ සේවා සමුපාකාරය සදහා වු අධ්‍යක්ෂක මණ්ඩල තනතුරු 7 න් 5ක්ම දිනාගැනිමට සුදර්ශණි  පිළ සමත්ව තිබේ.
මෙහිදි වැඩිම ඡන්ද සංඛ්‍යාවක්  සුදර්ණි ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරියගේ පුද්ගලික ලේකම් ගවේෂ සනිරත්න විසින් දිනාගෙන ඇති අතර මෙවරද කටාන විවිධ සේවා සමුපාකාර සමිතියේ සභාපතිධුරය ජගත් පුෂ්පකුමාර මහතාටද  උප සභාපති ලෙස ලොරන්ජන් ක්‍රිෂාන්ත මහතාටද හිමිව ඇත.
අධ්‍යක්ෂක මණ්ඩල තනතුරු දිනා වංචා දුෂණ මගින් සල්ලි හම්බකර ගැනිමේ ආනන්ද හරිස්චන්ද්‍ර ප්‍රමුඛ එකාබද්ධ විපක්ෂයේ සැලැස්ම මේ අනුව පරාජයට පත්ව තිබේ.
අධ්‍යක්ෂක මණ්ඩලයට එකාබද්ධ විපක්ෂ පිලෙන් එක් අයෙකු පත්ව ඇති අතර අනෙක් කෙනා පත්ව ඇත්තේ එජාපයෙනි.