ගේට්ටු කරුගේ වරදින් යුවලක් අනතුරේ

0
565
 ලුනුවිල 1

අනතුරට පත් යුවල
අනතුරට පත් යුවල
 

කොළඹ හලාවත දුම්රිය මාර්ගයේ බොරලැස්ස දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් ගත් ත්‍රිරෝද රථයක් කොළඹ බලා ධාවනය වෙමින් තිබු සිඝ්‍රගාමි කාර්යාල දුම් රියේ ගැටි ත්‍රි රෝද රථයේ ගමන්ගත් අඹු සැමි යුවලක් බරපතල තුවාල ලබා රෝහලට ඇතුල් කල බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස අනතුරින් බරපතල තුවාල ලබා ඇත්තේ පන්නීර්සෙල්වම් චන්ද්‍රකුමාර් 24 හා නිලාංගා ප්‍රනාන්දු 24 නැමති දෙදෙනෙකි.
මෙම අඹුසැමි යුවල ඇඟලුම් කම්හල්වල සේවය කරන දෙදෙනෙකු බවත් බණ්ඩිරිප්පුව ගාලවත්ත ප්‍රදේශයේ සිට උදැසන රැකියාවට යන අතරතුර සිදු වි ඇති බව පොලිසිය කීය.
අද 19 උදැසන 6 ට පමණ මෙම අනතුර වි ඇති අතර දුම්රිය හරස් මාර්ගයේ අනතුර සිදුවන විට වසා නොතිබුණු ගේට්ටුවෙන් ත්‍රි රෝද රථය දුම්රිය මාර්ගයට දැමිම නිසා මෙම අනතුර වි ඇති බවත් එහි ගේට්ටු කරු එම ස්ථානයේ සිට නොමැති බවට තොරතුරු ලැබි ඇති බව පොලිසිය කීය
ලුණුවිල 4 අධික වර්ෂාවක් පැවති එම අවස්ථාවේ දුම්රියේ ගැටුණු ත්‍රි රෝද රථය මීටර් 400 ක් පමණ දුම් රියේ ඇමිණි ඇදිගොස් තිබු අතර ත්‍රි රෝද රියදුර එම ස්ථානයේම් විසි වි තිබෙන බවත් කාන්තාව ත්‍රි රොද රථයත් සමග බොහෝ දුරක් ඇදිගොස් විසි වීම නිසා ඔවුන්ගේ ජීවිත බේරි ඇති බව පොලිසිය කියයි මෙම අනතුරින් දුම්රියේ ඉදිරිපස කොටසට හානි වි තිබු බවත් ත්‍රි රොද රථය දුම්රිය හරස් මාර්ගය හරහා දමනු තමන් දුටු නමුත් දුම්රිය හදිසියේ නවතා ගැනිමට නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර වු බව දුම් රිය රියදුරා පැවසු බව පොලිසිය කිය.
දුම්රිය හරස් මාර්ග ගේට්ටු කරුගේ අපරික්ෂාකාරි බව මෙම අනතුරට හේතු විය හැකි බවත් දුම්රිය ගේට්ටු කරු අනතුර සිදුවන විට ඇඳුම් මාරුකර ගැනිමට ගොස් ඇති බවට තොරතුරු ලැබි ඇති බවත් ඒ අනුව පරික්ෂණ සිදු කරන බව පොලිසිය කීය
ත්‍රි රෝද රථ රියදුරාගේ පාද වලට බරපතල තුවාල සිදු වි ඇති බවත් කාන්තාවගේ හිසට තුවාල සිදු වීම නිසා මුලික ප්‍රතිකාර ලබා දී කොළඹ ජාතික රෝහලට එම දෙදෙනාව මාරුකර යැවු බව මාරවිල රෝහල් අරංචි මාර්ග පැවසීය
චන්දන ප්‍රනාන්දු ලුණුවිල 3