වසර 39 ක් තිස්සේ බන්දුල මාර්කට් එකේ දන්සලට සම්මාදම් වු ලිලාවති අම්මා !

0
127

ලිලාවති 1මීගමුව නගරය තුල අද සහ හෙට දිනයේ දන්සල් 84 ක් පැවත්වේ.මේවා අතර විශේෂයක් ගන්නා එක් දන්සලක් ලෙසින් බන්දුල මාර්කට් හි එළවලු වෙළදුන් විසින් නොකඩවා වසර 52 ක් තිස්සේ පවත්වාගෙන යනු ලබන බත්දන්සල හදුන්වා දිමට පුලුවන.
මෙහි වන තවත් විශේෂත්වයක් වන්නේ මේ දන්සලට වසර 39 ක් තිස්සේ නොකඩවාම සම්මාදම් වු තැනැත්තියක් වු ලිලාවති අම්මාගේ කථාවයි.
ඇය අදත් උදේවරුවේ 39 වන වතාවටත් අල සුද්ද කරමින් සිය සැදැහැවත් දායකත්වය සපමින් සිටියාය.
ඇය දැන් සිටින්නේ 75 විය පසුකරමිනි.ලිලාවති 3
එහෙත් ඇය තවමත් කඩිසරය.අන් හා කරට කර සිටිමින් අල කිලෝ ගානක් සුද්ද කළාය.
අපි මහත්තයෝ මේ දන්සල දෙන්න වෙළදාම් කරන අය සවස ගානේ රු 20 ක් ගානේ දාල අවුරුද්දෙම මේ මුදල එකතු කරනවා.ලිලාවතී 2
එහෙම කරල අනෙක් අයගෙත් උදව්වෙන් තමයි මේක දැන් 52 වෙනි වතාවටත් කරගෙන යන්නේ .
ඇය අපට දන්සල් ඉතිහාසය ගැන කියන්නේ මහත් වු සතුටකිනි.
40 වෙනි වතාවටත් ඇයට මේ දන්සලට සම්මාදම් වන්නට නිරෝගි සුවය පතමින් අප බන්දුල මාර්කට් එකෙන් නික්මුනේ ලබන වසරේදි යළි මුණගැසෙමුයි එහි වු සියළුව එළවළු වෙළදුන් වෙත පවසමිනි.