” නිදහසේ වේදිකාවේ දේශපාලන ගමන් මග පිළිබඳව මෙතනට රැස්ව සිටින ඔබ සැමදෙනාම දන්නා කරුණක්. නිදහසේ වේදිකාව ගොඩනැගුනේ රටේ යහපාලනය,මානව හිමිකම් ආරක්ෂණය, ජාතීන් අතර සහජීවනය, සමාජ ආර්ථික සාධාරණත්වය යන ඒ පංච වැදෑරුම් ප‍්‍රතපත්ති මත ගොඩනගන්නාවූ සියලු ක‍්‍රියාකාරීත්වයත් දේශපාලන ව්‍යාපාරයක් මේ රටට අවශ්‍යයයි කියන කාරණාව පෙරදැරීකරගෙන මේ මත පිහිටා සමාජ දේශපාලන බලවේගයක් ගොඩනැගීමටයි. ඒ සඳහා අපි ගත්තාවූ මූලික පියවර තුලින් ඒ සඳහා කැපවෙන සියලූම දේශපාලන පක්ෂ සමග සංවාදයක් සහිතව ක‍්‍රියාකාරී ව ඉදිරියට ගමන් කිරීමයි. මේ ගමන් මගේ විවිධ සන්ධිස්ථාන හරහා අපි ගොස් තිබෙනවා. ආරම්භය කටුක වුවත් ආරම්භයට මුල්වුණේ කඳුළක් වුණත් විශේෂයෙන්ම ලසන්තගේ ඝාතනයත් සමගම ඉන්පසුව ගලාගිය අපේ ක‍්‍රියාකාරීත්වය තුළ යුද්ධයේ විපාාකය සමග ඇති වුණාවූ කඳුලූ හමුවේත් අපිව බියගැන්වීමට කාරණයක් වුණේ නෑ. අපිව ශක්තිමත් වුණා. ඒ කුමක්ද කිව්වොත් විපත හරහා යන සිවිල් සමාජ ක‍්‍රියාධරයන්ට විපත ශක්තියක් වුණා. රාජිනී තිරාණගම මැරුණම අපි තව තවත් ශක්තිමත් වුණා මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කරන්නට. ලසන්ත ඝාතනයෙන් අපි තව තවත් ශක්තිමත් වුනා මේ රටේ ගෞරවය රැුකගැනීම සදහා අපි පෙරමුණ ගන්ඩ ඕනේ කියලා. යුද්ධයේ මහා ජයග‍්‍රහණයේ රණගෝෂා මැද ඒ විපතට පත්වූ අපේ අම්මලාගේ අතුරුදහන්වූ දරුවන්ගේ කැඞී බිදිච්ච සොහොන් කොත් ඉදිරියේ අපි සපථ කෙරුවේ වෙනස් වූ ලංකාවක් ආත්ම ගෞරවය සුරකින ලංකාවක් මානව හිමිකම් සුරකින ලංකාවක් වෙනුවෙන්. අපි එදා ගත් ගමන්මග අපි කිසිවිටක ආපස්සට හරවගන්නේ නෑ. දැන් ඒ ක‍්‍රියාකාරීත්වයේ එක ප‍්‍රතිපළයක් තමයි මේ LLRC වාර්තාව. මේ වාර්තාව දිහා සිවිල් සමාජ ක‍්‍රියාධරයන් හැටියට අපි මෙයට ප‍්‍රතිචාර දක්වන්නේ කෙසේ ද කියන කාරණාව හා මෙය අපිට වැදගත් වෙන්නේ මන්ද කියන ඒ ප‍්‍රශ්නය සිවිල් සමාජයේ ඉදිරියේ තැබීම මගේ වගකීම වෙනවා. LLRC වාර්තාව සම්බන්ධයෙන් අපිට ඒ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විවේචන තිබෙනවා. LLRC කමිටුව පත්කිරීම ,පත්කරපු ආකාරය සම්බන්ධයෙන්, විශේෂයෙන් ජනාධිපතිතුමාගේ මිත‍්‍රයන් -ජනාධිපතිතුමාගේ මැන්ඬේඞ් එක ඒකේ තියෙන්නේ. ඒකේ අඩංගු වන කරුනු කාරනා පිළිබඳව අපිට ප‍්‍රශ්ණයක් එදත් තිබුණා අදත් තියෙනවා.
ඒ වගේම ඒ LLRC වාර්තාව ඉදිරියේ සාක්කි දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් විපතට පත්වූ පුද්ගලයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාක්කි දෙන අවස්තාවේ තිබුණ වාතාවරණය ,ඒ වගේම ඒ සාක්කි දෙන ස්ථාන වල හමුදාව රැඳී සිටිම, රහස් ඔත්තු සේවය රැඳී සිටීම විශේෂයෙන්ම සාක්කි මෙහෙයවීමේදී බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සහ ආරක්ෂාව පිළිබඳ කාරණාව බලවත් අභියෝගයක් වුණා. අපි නිරන්තරයෙන්ම ඉල්ලා සිටිපු දෙයක් තමයි ලංකාවේ මානව හිමිකම් ක‍්‍රියාකාරීත්වය වර්ධනය කරන්ඩ නම් ලංකාවට අවශ්‍යයි නීතියක්. සාක්කි කරුවන් සහ විපතටපත්වූවන් රැකගැනීම. මේ ආකාරයට නෙමෙයි මේ කොමිෂන් සභාව ක‍්‍රියාවට නැගුනේ. මේ කොමිෂන් සභාව විතරක් නෙමෙයි මීට පෙර පත්කරපු කොමිෂන් සභා පවා
විශෙෂයෙන්ම මුතූර් ඝාතනය ,ත‍්‍රිකුණාමලයේ ශිෂ්‍යන් 5 දෙනාගේ ඝාතනය, රවිරාජ් ඝාතනය යන ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂාවට ලක්කළ කොමිෂන් සභා වලට අපි සහභාගී වුණා. මම පෞද්ගලිකව නීතිඥවරියක් හැටියට වින්ඳිතයන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනීසිටියා. ඒ අවස්තාවේදී අපි ඉල්ලා සිටියේ මේ කොමිෂන් සභා සාධාරණව, සහ ප‍්‍රතිපත්තිගරුකව නීතියේ ආධිපත්‍ය සුරකින තත්ත්වය ඇතිකරීම සදහා අවශ්‍යකරන පියවර ගන්ඩ. විශේෂයෙන්ම වින්ඳිතයන්ගේ සහ සාක්කිකරුවන්ගේ ආරක්ෂාව ලබාදිය යුතුයි. දැන් මෙවැනි තත්ත්වයක් යටතේ තමයි මේ LLRC වාර්තාව අපේ අතට පත්වෙන්නේ. මීට පෙර ඉදිරිපත් කරපු වාර්තා අපි දැක්කා ජනාධිපතිතුමා අතට පත්කරනවා.
අපි දකින්නේ රූපවාහිනී හෝ පුවත්පත් වාර්තා තුළින් ජනාධිපතිතුමා ඒවා අතට ගන්නවා, ඉතින් අපිත් සන්තෝෂ වෙනවා ,නමුත් ඊට පස්සේ ඒ වාර්තාව ජනාධිපතිතුමා කොහොද තැබුවේ කියන කාරණාව අපි දන්නේ නෑ. ඒකේ යෝජනා වලට මොනාද වුනේ කියලා අපි දන්නේ නෑ.
මෙන්න පිටු 400ක වාර්තාවක්, පොත් දෙකක් මෙන්න අතිගරු ජනාධිපතිතුමාගේ අතට බාරදෙනවා. බාරදෙනවා විතරක් නෙමෙයි ඊට පස්සේ බලනකොට අතිගරු උතුමාණන් තමන්ගේ උපැස් යුවල දාලා ඒ පොත කියවනවා. ඉතාමත්ම අවධානයක් සහිතව එතුමා පොතක් කියවනවා මම දකිනවා රූපවාහිනියෙන්. ඉතින් මටත් හිතුණා ඇරලා බලන්ඩ. මෙතුමාණන් මේක කියවනවානේ. අර වාර්තා නම් කියෙව්වේ නෑ ,නමුත් මේ පොත නම් කියෙව්වා. දැන් අපිත් ඔන්න කියවන්ඩ ගත්තා. මොකද දැන් අනිත් වාර්තා පිටු 30ක්හො 40ක් වෙන්ඩ ඇති, ඒවා කොහේ හරි ෆයිල් එකක් අස්සට යන්ඩ ඇති. අර පොත නම් මහතයි. පන්සිය පනස් ජාතකය වගේ විශාල පොත්, බයිබලය වගේ විශාල පොත් ඒවා. ඒවා හංගන්ඩ බෑනේ. ඉතින් ඒක හංගන්ඩ බැරි නිසාදෝ දැන් ඒ පොත තියාගෙන දොළ පිදේනි සමග ම් යාගයක් නඩන්ඩ ඔන්න පාර්ලිමේන්තුවට ලබා දුන්නා. අපිත් ඉතින් කියවන්ඩ ගත්තා මේ පොත. කියන්ඩ ගත්තම මේ පොත තුළ මා දුටු එක කාරණාවක් තමයි හංගන්ඩ බැරි මේ රටේ ආත්මය, හංගන්ඩ බැරි මේ රටේ විපත්, හංගන්ඩ බැරි මේ රට මුහුණදෙන දේශපාලන අභියෝග ,ඒ පොතේ සදහන් කරන්නට ඔවුන්ට සිද්ධ වුනා. ඒ මොකද අපි ඒ පොතේ පරිච්චේදෙන් පරිච්චේදේ කියෙව්වොත් , ඒ කොමිෂන් සභාවේ සාමාජිකයින්ගෙන් අම්මලා ඇවිත් අහලා තියෙනවා, බස් 14ක් ගියා, ඒ බස් 14 මගේ පුතා හිටියා , ඒ බස්වල හිටපු මිනිස්සුන්ට මොකද වුණේ කියලා අපි දන්නේ නෑ. ඒ බස් වලට මොකද වුණේ කියලා අපිට කියන්ඩ. අනිත් පැත්තෙන් එල්.ටී.ටී ඊ සංවිධානයේ නායකයන්ගේ බිරින්දෑවරු ඇවිල්ලා කියනවා අපේ මනුස්සයා බාර වුණා, බාර වුණේ ආරක්ෂාවක් සපයනවා කියලා හමුදාව කියපු නිසයි දැන් ඔහු ගෙදර ඇවිල්ලා නෑ. මම අද දැක්කා මනෝ ගනේෂන් දේශපාලන නායකතුමා ,ඔහු නිරන්තරයෙන් අතුරුදහන්වූවන් වෙනුවෙන් වැඩ කළේ. ඔහු අහනවා 3දෙනෙක් පුනරුත්තාපනය කළාට පස්සේ ඔවුන් නිදහස් කරලා නෑ මොකද වුනේ කියලා. මේ දැන් මේ යුද්ධය නැති කාලේ. ඉතින් මේ අකාරයට ජන සමාජයේ අදෝනාව , වන්නියේ විපත පිළිබද කතන්දරය,පිටුවක් නෙමෙයි මේ ඛඛඍක් වාර්තාවේ මෙයට හේතුපාදක වූ , යහපාලනයේ බිඳවැටීම , නීතියේ ආධිපත්‍ය නොමැතිවීම, කියලා එදා ඉදලා සිංහල සමාජයේ මේ රට විසින් ගතයුතු කතිකාවේ න්‍යාය පත‍්‍රය පෙන්වා තිබෙනවා. මම ආරාධනා කරනවා ,විශේෂයෙන්ම අපි මෙය කියවිය යුතුයි, අවාසානාවකට තවමත් ආණ්ඩුවට නොහැකිවී තිබෙනවා, මේ ඛඛඍක් වාර්තව සිංහලෙන් හා දෙමළෙන් අපිට ලබාදෙන්නට. ලබානොදෙන හේතුවත් දන්නවා, ඒක ඉංග‍්‍රීසියෙන් තිබුණොත්, ඒක ඉතාමත්ම සීමාසහිත පරිසරයක් තුල පමණයි එය පරිශීලනය වෙන්නේ , සිංහලෙන් සහ දෙමළෙන් එය කියෙව්වොත්, ඔබ වීදි බහිනවා කියලා මම දන්නවා. ඒ කකරජ වාර්තාව අරගෙන සිංහල ජන සමාජය වීදි වලට එයි කියන කාරනාව තමයි මේක ඉංග‍්‍රීසියෙන් ලියලා යෝජනා ටික සිංහලෙන් දීලා දේශපාලන පක්ෂ වලින් අහන්නේ ‘දැන් මොනාද කරන්නේ ,දැන් මොනාද කරන්නේ කියලා. දැන් මොනාද කරන්නේ කියලා කකරජ වාර්තාවේ 09 වෙනි පරිච්චේදයේ හොදාකාරව සටහන්ව තිබෙනවා. ඉංග‍්‍රීසි නොදන්න,සිංහල නොදන්න, දෙමල නොදන්න අය ලංකාවේ නෑ. පාර්ලිමේන්තුවේ ඉන්නේ ඥානය නැති මිනිස්සුද ? අයන්න ආයන්න නොදන්න මිනිස්සු ද? ක‍්‍රියාවට නැංවිය යුතු යෝජනා ඒකේ අන්තර්ගත වී තිබෙනවා. දැන් මේ කරුණු කාරනා ටික ලෝකෙන් වසන් කරන්ඩ බෑ මොකද ඉංග‍්‍රීසියෙන් ලියලා තිබුණේ. එ් නිසා ලෝකයම ලංකාව දිහා බලාගෙන ඉන්න බව හැමෝම දන්නවා. ලෝකය අහනකොට අතුරුදහන්වු දෙසිය දෙනාට මොකද වුණේ කියලා ලංකාවේ ආණ්ඩුව රැුදවුම්කරු වල ඉන්න 2500 ට මොකද කරන්නනේ කියලා. දැන් පොත ආවට පස්සේ ලෝකය අහනවා පොතේ තියෙන දෙවල් ක‍්‍රියාවට නගන්නේ කොහොමද ? කෝ මේ යෝජනා
ඒ යෝජනා ක‍්‍රියාත්මක කරන්ඩ කියන යෝජනාව ජීනීවා නගරයේ විශේෂයෙන් මානව හිමිකම් පිළිබඳව මහා සංවාදය වසරකට ගොඩනැගෙන්නේ ජිනීවා වල මානව හිමිකම් කවුන්සලයේ. ලංකාවට ඒ න්‍යාය පත‍්‍රයෙන් පලායන්න බැහැ. මේක අහම්බෙන් සිදුවන කුමන්ත‍්‍ර‍්‍රණයක් නෙමෙයි. 2005 ඉදලා යුද්දේ පටන් ගත්ත කාලේ ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඒ සාකච්ඡුාව,කතිකාව ගොඩනැගෙන්නේ ජිනීවා නගරයේ. ඒක චීනයේ ෂැංහයි වල වෙන්ඩ බැහැ ඒක , ජිනීවා කවුන්සිලයේ රැස්වීම් තියෙන්නේ ජිනීවා නගරයේ. එතකොට ලංකාවේ සිවිල් සමාජය හැටියට මේ ජාත්‍යන්තර නීති වලට අත්සන් කරපු රටක් හැටියට රාජ්‍ය නොවන සංවිධාන වලට අයිතියක් තියෙනවා ජිනීවා නගරයට ගිහින් මේ පොත ගැන කතා කරන්ඩ. මේ කොමිෂන් සභාවේ ඒ වාර්තාව සම්බන්ධයෙන් ඒ සංවාදය ගොඩනැගෙන යෝජනාව සාකච්ඡුා කරන තැනට අපි සහභාගී වුණා. ඒක මේ අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි අවුරුදු 12ක් 14ක් තිස්සේ මානව හිමිකම් ක‍්‍රියාධරයන් හැටියට අපි ඔය මධ්‍යස්තානයට ගිහිල්ලා තියෙනවා. මහින්ද රාජපක්ෂත් ගිහිල්ලා තියෙනවා. වාසුදේව නානායක්කාර මන්ත‍්‍රීතුමාත් ගිහිල්ලා තියෙනවා. තවත් සිවිල් සමාජ ක‍්‍රියාධරයන් එතෙන්ට ගිහිල්ලා තියෙනවා. ජනාධිපතිතුමා ඒ ක‍්‍රියාකාරකම් වලින් ඈත් වුණාට අපි ඒ ක‍්‍රියාකාරකම් වලින් ඈත් වුණේ නෑ. මානව හිමිකම් ක‍්‍රියාකාරී ක්ෂේත‍්‍රයේ ඉන්න කෙනෙක් හැටියට මම කඳුළු සලපු දවසක් තමයි ජිනීවා වල ඒ යෝජනාව ඉදිරිපත් කරපු සතිය. ඒ මට පහරදුන්න නිසා නෙමෙයි. ආණ්ඩුවේ සල්ලි වලින්, ආන්ඩුවේ බදු මුදල් වලින් ජිනීවා නගරයට ආපු ජනමාධ්‍යයේ ඉන්නවා කියපු නඩය, මම දන්නේ නෑ ඒ අය මාධ්‍යයේ ඉන්නවද නැද්ද කියලා. සහ අපේ රට නියෝජනය කරපු කණ්ඩායමයි හැසිරුණ විදිය මගේ රටේ ගෞරවය සම්පූරණයෙන්ම කෙලෙසුවා. ඒ වෙනුවෙන් හඬ නගන්ඩ හිටියේ අපි කීපදෙනෙක් විතරයි. පාක්‍යසෝති සරවනමුත්තු ,මම ,සුනිලා සහ සුනන්ද දේශප‍්‍රිය සහ තවත් ටිකදෙනෙක් විතරයි. අනිත් අය හිටියට නොබියව කතාකරන්ඩ බැරි වාතාවරණයක් ඇති වුණා. ”
LLRC නිර්දේශ ජිනීවා යෝජනා සහ මව්බිමේ අනාගතය යන තේමාව මුල්කරගනිමින්
පසුගිය 16 දා කොළඹ ජයවර්ධන කේන්ද්‍රෙය්දී පැවති පුරවැසි ජාතික සමුළුවේදී නිදහසේ වේදිකාවේ කැදවුම්කාරිණියක වන ආචාර්්‍ය නිමල්කා ප්‍රනාන්දු විසින් සභාව අමතා කළ කතාවෙන් කොටසකි.