නිළධාරිණියකට එරෙහිව දයාන් ලංසා කළ කුණුහරුප කථාව ජාතික මාධ්‍යවල අවධානයට !

0
46

මව්බිම පුවතමීගමුව මහනගර සභාව යනු පළාත් පාලන ක්ෂේත්‍රයේ ඉහල නිළධාරින් එන්නට අකැමතිම තැනක් බවට පත්වෙමින් තිබේ.
එයට හේතුව වි ඇත්තේ මීගමුවේ චණ්ඩි දේශපාලකයන්ගේ තර්ජන ගර්ජනයන්ට අවස්ථා කිපයකදිම මේ නිළධාරින් පත්ව ඇති බැවිනි.
එහෙත් මේ චණ්ඩි දේශපාලකයන්ට එරෙහිව කිසිදු පියවරක් ගැනුනේද නැත.මේ සිද්ධි දාමයේ අලුත්ම ගොදුර බවට පත්වුයේ මීගමුව මහනගර සභාවේ ලේකම්වරියයි.
මීගමුව නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා විසින් පසුගිය දිනක ඇයව සිය කාමරයට කැදවා කුණුහරුපෙන් බැන තර්ජනය කිරිම නිසා ඇගේ රුධිර පිඩනය වැඩිවි රෝහල් ගතකරන්නට සිදුව තිබුණි.
මීගමුව නාගරික කොමසාරිස්වරයා හෝ නගරාධිපතිවරයා මේ ගැන කිසිදු පියවරක් ගෙන තිබුනේද නැත.
එහෙත් මෙම සිදුවිම දැන් ජාතික මාධ්‍ය වල අවධානය දිනාගැනිමට තරම් තත්වයක් දක්වා වර්ධනය වෙමින් තිබේ.
සාමාන්‍යයෙන් මෙවන් සිදුවිම් ජාතික මාධ්‍ය වෙත ගෙනයාමේදි මීගමුවේ බහුතරයක් මාධ්‍යවේදින් පසුබවට වුවද ඒ තත්වය දැන් වෙනස් වෙමින් යන ලකුණු පහලව තිබෙන්නේ මේ පුවත මව්බිම පුවත් පතේ පළවිමත් සමගින්ය.
මීගමුව වාර්තාකරු පියපේම මානික්කරත්න විසින් මේ පුවත ලියා පළකර තිබුණි.