මැලේසියාවේ ජනප්‍රියතම වෙබ් අඩවියකට එරෙහිව රන් ආකාර සමාගමක් පැවරු අපහස නඩුව පරාදයි!

0
55

steven gungRaub Australian Gold Mining (RAGM) සමාගම  විසින් තමන්ගේ ගෞරවයට හානිවන ආකාරයේ ප්‍රවෘත්තියක් පල කිරීම සම්බන්දයෙන් Malaysiakini වෙබ් අඩවියට විරුද්ධව ගොනු කරතිබූ අපහාස නඩුව ජයග්‍රහණය කිරීමට Malaysiakini වෙබ් අඩවිය සමත් වී තිබෙනවා.
ආකාර සමාගම  Malaysiakini වෙබ් අඩවියට  හා තවත් විත්තිකරුවන් 3න් දෙනෙකුට විරුද්ධව ඉදිරිපත් කර තිබූ ඉල’ලීම (claim) එහිදී ඉහල උසාවියේ විනිසුරුවරිය විසින් ප්‍රතික්ෂේප  කර තිබෙනවා.
එහිදී විනිසුරුවරිය ප්‍රකාශ කර ඇත්තේ විත්තිකරුවන් විසින් ඉදිරිපත් කරන ලද නිදහසට කරුණු ඔවුන්ගේ නිදහස් හා වගකීම් සහිත මාධ්‍යකරනයේ හා වාර්ථාකරණයේ අයිතිවාසිකම් තහවුරු කල බවයි. එලෙසම ඇය නඩුව ගොනු කල සමාගමට විත්තිකරුවන් වෙත වන්දියක් ගෙවන ලෙසද නියෝග කර තිබෙනවා.

Malaysiakini වෙබ් අඩවියේ කතෘ ස්ටිවන් ගන්  ප්‍රකාශ කර ඇත්තේ මේ ආකාරයෙන් තම වෙබ් අඩවිය නිදොස් කොට නිදහස් කිරීම සම්බන්දයෙන් තමන් දැඩි සතුටට පත්වන බවයි.ම මෙමගින් වෙබ් අඩවියක් වශයෙන් තමන්ගේ වාර්ථාකරණයේ ඇති නිවරදිභාවයද මෙයින් ඔප්පු වන බව ඔහු තවදුරටත් පවසා තිබෙනවා.
යමෙතු විසින් පවසන ලද දෙයක් එලෙසම වාර්ථාකිරීම වැරැද්දක් නොවන බව අධිකරණය විසින් පිලිගැනීම පිලිබදවද තමන් සතුටු වන බවයි ඔහු පවසන්නේ.

එලෙසම මෙහිදී තමන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්ටද විශේෂ වශයෙන් ඔහු ස්තූති කර තිබෙනවා.
මේ ආකාරයෙන් රන් ආකර සමාගම විසින් නඩුවක් ගොනු කර ඇත්තේ 2012 වසරේදී

Malaysiakini වෙබ් අඩවියේ පලවූ ලිපියක් මගින් තමන්ගේ ගෞරවයට හානි වූ බව පවසමින්. එහිදී වෙබ් අඩවිය විසින් පල  කර ඇත්තේ රන් ආකර සමාගම විසින් යොදාගන්නා සෝඩියම් සයනයිඩ් ඒ අවට වාසීන්ට විශ සහිත වන බවට වන ලිපියකුයි.
සටහන- මිතිලායා ගමගේ