“කොන්ක්‍රීට් සිරකාරිය” දිවියෙන් සමුගනී

0
89

13256520_945481122227116_104203407491000023_nජපානයේ සත්වෝද්‍යානයක රඳවා සිටි එරට වයස්ගතම අලියා මිය ගියාය. හනාකෝ මිය යන විට 69 වැනි වියේ පසු වූබව වාර්තා වේ. දෙහැවිදි වියේ දී තායිලන්තයෙන් ලද ත්‍යාගයක් ලෙස ජපානයට පැමිණි හනාකෝ පිළිබඳව පසුගිය කාලය පුරා ජාත්‍යන්තර අවධානය යොමු වූයේ අලියගේ අබල දුබල බව හා පාළුවෙන් සිටීම පිළිබඳ ජපානයට දෝෂාරෝපණය කරමිනි. පසුගිය වසරේදී හනාකෝ වෙනුවෙන් ලොව පුරා පෙත්සමක් ද අත්සන් කරන ලදී. එහෙත් ජපානය ප්‍රකාශ කළේ හනාකෝ නැවත තායිලන්තයට යැවීමට මහලු වැඩි බවයි.

හනාකෝ යන නමෙහි තේරුම මල් ළමයා යන්නයි. සාමාන්‍යයෙන් කූඩු කර හදන අලියකුගේ ආයුකාලය වසර 40ක් බව කියැවේ. ලොව වැඩිම කලක් ජීවත්වූ හීලෑ අලියාගේ වයස අවුරුදු 86ක් බව කියැවේ.

හනාකෝ මිය ගිය බවට තහවුරු කරන ඉනොකෂිරා සත්වෝද්‍යානයේ ප්‍රකාශකයා, බ්‍රහස්පතින්දා පෙරවරුවේ හනාකෝට නැගී සිමට තරම් වාරුවක් තොතිබූ බවත් පස්වරුවේදී හනාකෝ මිය ගිය බවත් ප්‍රකාශ කළේය.

සත්වෝද්‍යානය තුළ ජනප්‍රිය චරිතයක් වුවද වනයේ ඉපිද, ජීවිතයෙන් වැඩි කාලයක් කූඩු වී, කොන්ක්‍රීට් බිත්ති අතර හුදෙකලා දිවියක් ගත කිරීමට සිදු වීම හනාකෝ ට සිදු වූ විශාල අසාධාරණයක් ලෙස ලොව පුරා කතා බහට ලක් විය. “කොන්ක්‍රීට් සිරකාරිය” ලෙස හඳුන්වමින් පසුගිය වසරේ කැනේඩියානු බ්ලොග්කරුවකු විසින් හනාකෝ පිළිබඳව සංවේදී ලිපියක් ලියූ අතර එමගින් අත්සන් කෙරුණු පෙත්සමට පින් සිදු වන්නට හනාකොට නව සෙල්ලම් බඩු හිමි වූ අතර තවත් පහසුකම් රැසක් ලැබුණි.

බී. බී. සී.

 

(කුමාරි හෙට්ටිආරච්චිගේ මුුහුණු පොතෙණි..)