පොලු පහරට වැසුනු නගර සභා ගේට්ටුවේ පළුවක් ඇරේ.

0
67

FG attack 1

පසුගියදා මිපුරේ ප්‍රේඩිට නගර සභා බිමේදී පොලු පහරක් එල්ලවීමත් සමග කොළඹ පාරෙන් නගර සභාවට ඇතුළුවන ගේට්ටුව වසාදමා තිබිණි.මේ පිලිබදව ගේට්ටුවේ සේවය කල ආරක්ෂක නිලධාරියා ගෙන් ලියුම්කරු විමසා සිටි අතර ඉහලින් ලැබුණු නියෝගයක් මත ආරක්ෂක පියවරක් ලෙස ගේට්ටුව වසාදමා ඇති බැවින් කිබුලාපිටිය පාරේ ගේට්ටුව භාවිතා කර නගර සභාවට ඇතුළුවීම කලයුතු බවආරක්ෂක නිලධාරියා දන්වාසිටියා.

මේ නියෝගය දුන් නිලධාරියා පළමුවෙන් කළයුතුව තිබුනේ මීගමුවේ බදු ගෙවන ජනතාවගේ බදු මුදලින් මසකට ලක්‍ෂ 20 ක් පමණ වැයකර නඩත්තු කරන මේ ආරක්ෂක සේවයෙන් නගර සභාවට සැබෑ ආරක්ෂාවක් ලැබුනාද. ලැබෙනවාද කියා තක්සේරු කිරීමට පරික්ෂණයක් කිරීමයි.මේ ලියුම්කරුට අනුවනම් මේ ආරක්ෂක සේවයෙන් නගර සභාවට සැබෑ ආරක්ෂාවක් ලැබිනැත. අපේ නිරීක්ෂ ණයන්ට අනුව පහරදීමට පැමිණි යතුරු පැදිය පැමිණ ඇත්තේ අංකතහඩු නොමැතිවය
ජැකට් සහ මුහුණු ආවරන සහිත හෙල්මට් පැළද ගෙනය.එමෙන්ම පහරදුන් මුගුරද රැගෙන ආයුතුය නැතහොත් මුගුර නගර සභාව තුලදී ලබදියයුතුය. ගේට්ටු දෙකේම ආරක්ෂක නිලධාරීන් පැය24 ම සිටිති.ඒ අනුව හොද පලපුරුදු ආරක්ෂක නිලධාරියෙකු අංකතහඩු නොමැතිව ජැකට් සහ මුහුණු ආවරන සහිත හෙල්මට් පැළද යතුරුපැදියක් නගර සභා බිමට ඇතුළුවන විටම එය නතර කර විමසීමට හෝ ඔවුන් පිළිබද විමසිල්ලෙන් සිටීම සහ තමන්ගේ ඉහල නිලධාරින්ට වහාම වාර්තා කිරීමත් කලයුතුය.එහෙත් මේකිසිවක් සිදුවී නැත.එනම් මේ ආරක්ෂක සේවයෙන් නගර සභාවට ලැබෙන ආරක්ෂාවක් නැත. මේ ලියුම්කරුගේ අදහසට අනුවනම් විවිධ නම්වලින් ඇති බොහෝ පුද්ගලික ආරක්ෂක සේවාවල සිටින වැඩි පිරිසක් වෙනත් කිසිම රැකියාවක් කළනොහැකි වයස් ගත පුද්ගලයන්ය.මේ අයට ඉතා සුලු වැටුපක් දී ආරක්ෂාව ඉල්ලන ආයතනවලට පුද්ගලයකු සපයා මුදල් ලබාගැනීම මේ පුද්ගලික ආරක්ෂක සේවාවල ස්වභාවයයි.මේ අනුව ලක්ෂ 20 ක් පමණ වැයකර නඩත්තු කරන මේ ආරක්ෂක සේවාව නගර සභාවට අතිරේක සහ නාස්තිකාර වියදමක් පමණි.මේ ගෙවන මුදල් නාගරික මන්ත්‍රිවරුන්‌ගේ හෝ නගරසභාවේ නිලධාරීන්ගේ පුද්ගලික මුදල් නොව බදු ගෙවන ජනතාවගේ මුදල්ය. මේවා පොදු දේපලය.එමනිසා මෙමුදල් ගෙවිම සදහා අනුමැතිය ලබාදෙන නිලධාරීන්ට වවුචරය චෙක්පත අත්සන් කිරීමට පෙර ගෙවන මුදලට අදාල සේවාව හෝ වත්කම් සැබෑලෙසම නගරසභාවට ලැබුනාද යන්න පුද්ගලිකවම සොයාබැලීමේ වගකීමක් ඇත.
සුළු සේවකයෙකුගේ අතිකාල පැයක් බටා බාගයක් ගැන දින ගණන් පරීක්ෂණ පවත්වා පිටුගණන් ලියනවාට වඩා මෙවෙනි විශාල ගනුදෙනු පිලිබදව අසීරු වීගනනයන් සිදුකර මහජන දේපල ආරක්ෂා කරදීමට වංචා කර ඇති මුදල් අධිභාරකර අයකරගැනීමට කටයුතු කිරීම ජනතා බදුමුදලින් වැටුප් හා දීමන ලබාගන්නා මිගමුව මහනගර සභාවේ සිටින විගණකාධිපති ගේ නියෝජිත විගණන අධිකාරීවරයාගේ සහ කාර්ය මණ්ඩලයේවගකීමකි.

http://negombotoday.lk