නීතිමය අවසරයකින් තොරව කොමසාරිස් නගර සභාවේ ගසක් කපලා ?

0
66

MC-NGB-මීගමුව මහනගර සභා භුමියේ පිහිටි දැවැන්ත දෙල් ගසක් කිසිදු නිතිමය අවසරයකින් තොරව මීගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා විසින් කපා දමා ඇතැයි වාර්ථා වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් නාගරික කොමසාරිස්වරයා කියා සිටියේ තමන්ගේ භුමියේ ඇති ගසක් පුස්තකාලය ඉදිකිරිම සදහා කපා දමා ඇති බවයි.
එහෙත් අප විසින් විමසා සිටියේ පවතින නිතිය ප්‍රකාරය එ සම්බන්ධයෙන් ගත යුතු නිතිමය පියවරයන් ගෙන තිබුනේද යන්නයි.එයට කෙලින් පිළිතුරක් නොදුන් කොමසාරිස්වරයා අපට කියා සිටියේ ඒ ගැන ප්‍රාදේශිය ලේකම්වරයාගෙන් අසා දැනගන්නා ලෙසය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මීගමුව ප්‍රාදේශිය ලේකම් අලවත්ත මහතා කියා සිටියේ විශේෂයෙන්ම ආහාරමය කාරණා හා බැදුන දෙල් ගසක් කැපිමට අනිවාර්යෙන්ම අවසර ගත යුතුව ඇති බවත් නගර සභාව විසින් මේසේ කපා දමා ඇති ගසට කිසිදු නීතිමය අවසරයක් ලබාගෙන නැති බවත්ය.
පසුගිය මහසභා රැස්විමේදි එජාප නාගරික මන්ත්‍රි වෛද්‍ය හෙන්රි වඩාත් නිවරදිම කි පරිදි මීගමුව මහනගර සභාවේ කිසිදු දැන්  ආරාජිකව ඇති තරම අගේට පෙනේ.
දේශපාලන අධිකාරිය පමණක් නොව දැන් පරිපාලන අධිකාරිය පවා ක්‍රියාකරන්නේ නීතියට පිටින්ය.
නාගරික කොමසාරිස් දැන් විශ්වාස කරන්නේ තමන් ගේ දේශපාලන හාම්පුතුන්ගේ නිතියද ? නැතිනම් රජයේ නිතියදැයි අප ඔහුගෙන් අසා සිටිමු.
කෙසේ වෙතත් දැන් නම් නගරසභාවට බල්ලාටම ගොස් ඇතසෙයකි.