පුරවැසි කාර්යභාරය ගැන කථාකරන්න ධර්මසිරි බණ්ඩාරනායක අද මීගමුවට !

0
359

Daramasisiජනාවබෝධ කේන්ද්‍රයට අනුබද්ධිත, යහපත් ලොවක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ 8 වන සංවත්සර මහ සභාව 2016.06.11 වන දින සෙනසුරාදා සවස 2.30 ට මීගමුව නගර සභා ශාලාවේ දී පැවැත්විමට නියමිතය.

මෙදින මෙම සමුළුවේදී ප්‍රධාන ආරාධිත දේශනය ප්‍රවීණ සිනමා අධ්‍යක‍ෂක හා පුරවැසි බලය කැඳවුම්කාර මණ්ඩල සාමාජික, ධර්මසිරි බණ්ඩාරනායක මහතා විසින් —සාධාරණ සමාජයක් සඳහා පුරවැසි කාර්යය භාරය— මැයෙන් පැවැත්වීමට නියමිත ය.