රේඩියන්ට් අක්ෂි රෝහලේ වෙබ් අඩවිය එළිදකී!

0
425

 

රේඩියන්ට් අක්ෂි රෝහලේ වෙබ් අඩවිය එළිදකී!

මෙම අවස්ථාව සඳහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කැපීපෙනන පුද්ගලයන්, රෝහලේ පාර්ශ්වකරුවන් සහ ජනමාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

රේඩියන්ට් අක්ෂි රෝහල් කණ්ඩායමේ පෙරමුණ ගෙන සිටින්නේ එම රෝහලේ නිර්මාතෘ සහ, මෙරට විශිෂ්ටතම පිළිගැනීමක් සහිත අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකු වන වෛද්‍ය ශමින්ත අමරතුංග මහතා ය. ඒ මහතා මේ වනවිට සිදුකර ඇති අක්ෂි ශල්‍යකර්ම ගණන 120,000 ඉක්මවයි.

එමෙන්ම විවිධ දුෂ්කරතාවලින් පෙළෙන ජනතාව උදෙසා පුණ්‍ය කටයුත්තක් ලෙස නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදුකිරීම සම්බන්ධයෙන්ද ඒ මහතා විශාල ප්‍රසාදයක් දිනා සිටී. වෙබ් අඩවිය දියත් කිරීම වෙනුවෙන් වෛද්‍ය අමරතුංග සහ ඔහුගේ කණ්ඩායම විසින් එදින විශේෂ අක්ෂි කඳවුරක්ද පවත්වන ලද අතර එහිදී ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 25 ක් නොමිලේ සිදුකරන ලදි.

රේඩියන්ට් අක්ෂි රෝහල යනු හුදෙක් රෝගීන්ගේ අක්ෂි දෝෂ හා අක්ෂි රෝගවලට ප්‍රතිකර්ම ලබාදෙන ස්ථානයක් පමණක් නොවේ. විශිෂ්ට මට්ටමේ සත්කාරයක් ලබාදෙමින්, රෝගීන් දිරිමත් කරමින් හා ඔවුන්ට නිරෝගී ජීවිතයක් සඳහා මගපෙන්වමින් ඔවුන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීම එම රෝහලේ ඉලක්කයයි. දෑස් පෙනීම යථා තත්ත්වයට පත්කළ නොහැකි රෝගීන්ට පවා ජීවිතයට ආලෝකයක් ගෙනෙන්නට රේඩියන්ට් අක්ෂි රෝහල පියවර ගනියි. කෙනෙකුට අවශ්‍ය සියලූම අක්ෂි ප්‍රතිකාර සේවා මෙන්ම ඇස් සම්බන්ධ සියලූම උප විශේෂඥ සේවාවන්ද මෙම රෝහලෙන් ලබාගත හැක. එහි සේවයේ නියුතු සුහදශීලී කාර්ය මණ්ඩලය සෑම විටම රෝගීන්ට හර්දයාංගම සේවාවක් ලබාදීමට සැදීපැහැදී සිටී.

රෝහල සැලසුම් කර ඇත්තේද රෝගීන්ගේ පහසුවට මුල්තැනක් ලබා දී බව බැලූබැල්මටම වුවද පැහැදිලි වේ. රෝහලක ආතතිය වෙනුවට සංචාරක නවාතැනක සැහැල්ලූව මතුවෙන පරිදි රෝහල නිර්මාණය කර ඇත. මෙය සාම්ප්‍රදායික රෝහල් වටාපිටාවකින් සපුරාම වෙනස් වූවකි. ඇසට අපහසුවක් වන සංඥා පුවරු ආදිය මෙහි දක්නට නොමැත. එමෙන්ම රෝහල පිහිටා ඇත්තේද නගරයේ කාර්යබහුල බවින් මිදුණු ස්ථානයක් වන දඩුගම ප්‍රදේශයේ ය. එය කොළඹ සහ මීගමුව අතර ප්‍රධාන පාරේ අධිවේගී මාර්ගයට ආසන්න වන්නට පිහිටා ඇත. එමෙන්ම එහි රථවාහන නැවැත්වීම සඳහා විශාල ඉඩකඩක් පවතී. හරිත පරිසරයක් මැද, දෑසට සුවයක් ගෙනෙන ලෙස වර්ණවත් කර ඇති රේඩියන්ට් අක්ෂි රෝහල, ප්‍රතිකාර සොයා දිවයිනේ නන් දෙසින් මෙන්ම විදේශීය රටවලින්ද මෙහි ඇදී එන ජනතාවගේ නෙතට හා සිතට නිසැක සහනයක් ගෙනදෙයි.

නවීන තාක්ෂණයෙන් අනූන රේඩියන්ට් අක්ෂි රෝහලේ ඇති පහසුකම් අතරින් ඇතැම් පහසුකම් මෙරට වෙනත් කිසිදු රෝහලක නොමැත. නවීනතම IOLMaster සහ ERG සඳහා වන විද්‍යුත් භෞතවේද අධ්‍යයන ආදිය ඒ අතරින් සමහරකි. එමෙන්ම එහි ශල්‍යාගාරය නිමවා ඇත්තේද වාතය නිරතුරුව පිරිසිදු වන, නිසි වායු පීඩනය රැෙඳන, විෂබීජ රහිත, සහ නිසි ප්‍රමිතීන් සියල්ලට අනුකූල වන අතිනවීන ශල්‍යාගාරයක් ලෙසිනි. සාමාන්‍යයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල රෝහල් තුළ ආසාදන පාලනය නොතකා හැරුණද උසස්ම තත්ත්වයේ ආසාදන පාලන ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට රේඩියන්ට් අක්ෂි රෝහල කටයුතු යොදා ඇත. AAMI (Association for the Advancement
of Medical Instrumentation)- නිර්ණායක සහ ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යායතනයේ නිර්ණායක අනුව මෙම විධිවිධාන ක්‍රියාත්මක කර ඇති අතර මේවා නිරන්තරයෙන් ජ්‍යෙෂ්ඨ උපදේශක ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයෙකුගේ අධීක්ෂණයට ලක්වේ.

සරල බව පදනම් කරගෙන, තරාතිරම නොබලා කොයිකාටත් සේවය කිරීම අරමුණු කරගත් රේඩියන්ට් අක්ෂි රෝහලේ වෙබ් අඩවිය නිර්මාණය කර ඇත්තේ, එය භාවිතා කිරීම ඉතාමත් ප්‍රසන්න අත්දැකීමක් වන පරිද්දෙනි. වෛද්‍ය ශමින්ත අමරතුංගගේ මගපෙන්වීම අනුව, මෙහි සියලූ සංකීර්ණ තාක්ෂ‚ක යෙදුම් කොයිකාටත් පහසුවෙන් වටහාගත හැකිවන පරිද්දෙන් සරල කර ඇත. ජාත්‍යන්තර වෙබ් අඩවි නිර්මාණකරණයේ නවීනතම ප්‍රවණතා අනුගමනය කරමින්, එහෙත් සරල ලෙස නිර්මාණය කර ඇති මෙම වෙබ් අඩවිය ජනතාවට සේවාවන් රැසක් සැලසීමට සූදානමින් සිටී. එමෙන්ම මෙය ජනතාව දැනුවත් කිරීම සඳහා මනා පදනමක් ලෙස භාවිතා කිරීමටද රෝහල බලාපොරොත්තු වේ.

ඉදිරියේදී මෙම රෝහල වෘත්තිකයන්ට මෙන්ම රෝගීන්ටද දැනුම ලබාදෙන මධ්‍යස්ථානයක් ලෙසට වැඩිදියුණු කිරීම වෛද්‍ය අමරතුංගගේ අපේක්ෂාව වී ඇත. මේ වනවිට තම අවධානය යොමුවී ඇත්තේ විවිධ ආදායම් ලබන කණ්ඩායම්වලට පොදුවේ සේවාවන් ලබාගත හැකි පරිපූර්ණ අක්ෂි සත්කාර සේවාවක් බිහිකිරීම සඳහා බව ඒ මහතා පවසයි. වෙබ් අඩවිය දියත් කිරීමේ අවස්ථාවට රේඩියන්ට් අක්ෂි රෝහලේ සේවාව ලැබූ රෝගීන් කිහිපදෙනෙකුද සහභාගී වූහ. මේ අතරින් එක් අයෙකු දෑස් නොපෙනීම නිසා වසර 15 ක් තිස්සේ ලෝකය දකින්නට වරම් නොලැබූ කෙනෙකි. තම ජීවිත වඩාත් යහපත් කිරීම සඳහා රෝහලෙන් ලද මගපෙන්වීම ඔවුහු කෘතඥපූර්වකව සිහිපත් කළහ. මෙය වෛද්‍ය අමරතුංග සහ ඔහුගේ කණ්ඩායම තම මූලික අරමුණ සාක්ෂාත් කරගැනීමේදී කෙතරම් දුරකට සාර්ථක වී ඇතිද යන්න පැහැදිලිව අනාවරණය කරයි.
www.srilankamirror.com