මැරප්‍රහාරයකට ලක්වු මාධ්‍යවේදී ප්‍රෙඩී ගමගේ වැඩිදුර ප්‍රතිකාර සදහා ජපුර රෝහලට

0
52

පසුගිය ජුනි 2 වනදා මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි මැර ප්‍රහාරයකට ලක්වු මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේ  මහතා වැඩිදුර වෛද්‍ය පරික්ෂණ සදහා ජයවර්ධනපුර රෝහලේ 11 වන වාට්ටුවට ඊයේ දහවල් ඇතුලත් කොට තිබුණි.
එහිදි ඔහු විසින් කණ සහ ඇස පිළිබදව විශේෂ පරික්ෂණ කිපයකට භාජනය විමට නියමිතය.
මේ අතර මේ ප්‍රහාරය සැලසුම් කළ මීගමුව නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා අත්අඩංගුවට ගැනිම සදහා කිසිදු සුදානමක් ඇති බවක් නොපෙනේ .
පහරදිමට පැමිණි මැරයන් දෙදෙනා අද දින මීගමුව මහෙස්ස්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
මේ පිළිබදව විරෝධතාවය දක්වමින් කුරණෑගල නගර මධ්‍යයේ මාධ්‍යවේදින් සහ සිවිල් ක්‍රියාකාරින් විසින් මහජන පෙත්සමකට අත්සන් කිරිමේ ව්‍යාපාරයක්ද දියත් කොට තිබුණි.
මෙම පෙත්සම් ව්‍යාපාරය ඉදිරි දිනවලදි වෙනත් නගරවලදිදි සංවිධානය කිරිමට නියමිත බව එහි සංවිධායකයන් විසින් මීපුර වෙබ් අඩවියට පවසා සිටියේය.20160613_155525
920160613_152023