CCTV කැමරා පද්ධතියට – ආගමන විගමන නිළධාරිහු විරෝධතාවයක

0
97

aerodrom
අද (28) වනදා කටුනායක ගුවන්තොටුපලේ ආගමන විගමන කටයුතු කරන බලප්‍රදේශය තුල CCT  කැමරා පද්ධතිය සවිකිරිමට එරෙහිව ආගමන විගමන නිළධාරිහු විරෝධතාවයක නිරත වූහ.
රුපියල් කෝටියකට අධික මුදලක් වැය කරමින් සවි කරිමට යන සී සී ටි කැමරා ව්‍යපෘතියට විරෝධය පාමින් කටුනායක ගුවන්තොටුපොලේ පැමිණිෙමි හා පිටවීමේ  පර්යන්තයන්හි සේවය කරන ආගමන හා විගමන නිළධාරිහු ඊයේ 28 දහවල් 1 . 30 පමණ තම සේවයෙන් ඉවත් වි විරෝධය පෑම හේතුවෙන් ගුවන්තොටුපොලේ සිටි මගීන් දැඩි අප හසුතාවයකට පත් වූ බව වාර්තා වේ.
මෙය සම්බන්ධයෙන් ගුවන්තොටුපොල බලධාරින් විසින් ගත් හදිසි තීන්දූවකට අනුව එම වර්ජකයින්  ආරම්භ කල වැඩ වර්ජනය අවසන් කල බව ගුවන්තොටුපොල උසස් නිළධාරිවරයෙකු පැවසීය.