මීගමුව රෝහලේ බරපතල පරිපාලන අවුලක් ? තවමත් අධ්‍යක්ෂකවරයෙක් නෑ.?

0
75

NGB hospitalමීගමුව රෝහල දිනෙන් දින අවුලට යමින් තිබේ. ඩෙංගු රෝගින් දිනපතා වැඩිවෙමින් තිබේ.
ගොඩනැගිල් වලද ප්‍රශ්ණ එමටය.
කඩිනමින් තැනු තාවකාලික ගොඩනැගිලි වල ඉහිලුම් නොදෙන රස්සනයට තවමත් විසදුම්ක් නැත.
මේ අතර රෝහලේ තට්ටු ගොඩනැගිල්ල කඩිනමින් ඉදිකරනු ලබන බවට මීට කලකට ඉහතදි පොරොන්දු ලබාදි තිබුනද දැන් ඒ ගැන කිසිදු වැඩපිලිවෙලක් ඇති බවක් නොපෙනේ .
මේ සියළුම අවුල්කාරි තත්වයන් නිසි අයුරින් කළමණාකරණය කොට රෝහල දැන් වැටි ඇති ආරාජික තත්වයෙන් ගොඩගැනිමට විසිහතර පැයම කාලය මිඩංගු කළ හැකි රෝහල් අධ්‍යක්ෂකවරයෙකු අවැසිව තිබේ.
එහෙත් දැන් සිටින්නේ ගම්පහ රෝහලේ සිට පැමිණෙන වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයෙකි.
ඔහු ගම්පහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාද වෙයි.
මේ පසුබිම තුල අදාල බලධාරින් මීගමුව ගැන වඩාත් අවධානය යොමුකොට පත්ව ඇති ආරාජික තත්වයෙන් රෝහල ගොඩනැගිම සදහා විධිමත් සැලැස්මක් සැකසිය යුතුව තිබේ.