කිඹුලපිටියේ ගිණිකෙලි කර්මාන්තශාලාවක ගින්නක්.

0
45

කිඔුලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිණිකෙලි කර්මාන්න ශාලාවක් ඊයේ උදැසන 8.00 පමණ සම්පුර්ණයෙන් ගිණිගෙන විනාශවි ඇත.මෙම ගින්නෙන් විනාස වි ඇත්තේ සුරියගාඩන්, 380/ඒ ආඩිඅම්බලම පාර, කිඔුලපිටිය යන ලිපිනයෙහි පවත්වාගෙන ගිය ටානියා ගිණිකෙලි නිශ්පාදන කර්මාන්ත ශාලාවයි.

මෙම හට ගත් ගිණ්නෙන් පුද්ගල හානි කිසිවක් සිදුවී නොමැති අතර දේපල හානි වශයෙන් අසල නිවාස දෙකකට අලාභහානි සිදූවි ඇතත් ගින්නෙන් කර්මාන්ත ශාලාවට ඇති වි ඇති අලාභය රුපියල් ලක්ෂ තිහකට වැඩි බව එහි හිමි කරු වන එම් ඩි සිරිවිමන් මහතා ප්‍රකාශ කලේය.මිගමුව සහකාර පොලිස් අධිකාරි අතුකොරල මහතාගේ අධික්ෂණය යටතේ කටාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සේනාරත්න, උප පොලිස් පරික්ෂක ජයතිලක, පො.සැ 25468 ශාන්ත යන නිලධාරින් සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ මෙහෙය වනු ලබයි.

DSC_0333

DSC_0334

DSC_0344

DSC_0349

පියපේම රුපංජන