මීගමුව නගර සභාව පාලනය කරන්නේ දයාන් ලංසාද ?නාගරික කොමසාරිස්ද ?

0
68

beach-prk-1මීගමුව බිච් පාක් එක යනු මීගමුවේ කප්පම් කල්ලියක් විසින් වෙරළ තිරයේ කොටසක් අල්ලාගෙන පවත්වාගෙන යනු ලබන මාෆියා ව්‍යාපාරයකැයි අප මීට පෙර අවස්ථා කිපයකදිම හෙළිදරව් කර ඇත්තෙමු..
එයට කිසිදු නිතිමය සම්බන්ධයක් මීගමුව මහනගර සභාවට ඇත්තේ නැත.
ඇත්තේ එකම සමබන්ධතාවයකි.එනම් එහි රථගාල සහ වැසිකිලි පද්ධතිය ටෙන්ඩර් කොට ලබාදි තිබිමයි.
එහෙත් ඇති තතු එසේ වුවද මේ කප්පම් කල්ලියේ අවශ්‍යතාවයන් සදහා පසුගිය කාලය තුල මීගමු නගර සභාව විසින් දිනපතා සේවකයන් 8 දෙනෙකුත් අධික්ෂකයන්  දෙදෙනෙකුත් යොදවා තිබුණි.
මීගමුව මහනගර සභා පාලනය අවසන් වුවද  මෙසේ සේවකයන් යොදවා තිබුණි.
මේ සමබන්ධයෙන් අප විසින් මීගමුව නාගරික කොමසාරිස්වරයා මෙන්ම එහි කටයුතු භාරව සිටින මහජන සෞඛ්‍ය පරික්ෂක ගුණරත්න මහතාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔවුන් කියා සිටියේ එසේ සේවකයන් යොදවා ඇත්නම් ඒ ගැන සොයා බලා ඔවුන්ව වහාම ඉවත් කිරිමට පියවර ගන්නා බවය
අප විසින් කරන්නට යෙදුන විමසිම නිසා දින කිපයක් පමණක් මෙසේ සේවකයන් යෙදිම අත්හිටුවා තිබුණද පසුව මහජන සෞඛ්‍ය පරික්ෂක ගුණරත්නට සහ නාගරික කොමසාරිස්වරයාට හිටුප නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා විසින් කරන්නට යෙදි ඇතියි කියන බලපෑම් හේතුවෙන් දැන් දිගටම මේ කප්පම් කල්ලියේ පාක් එකක් වෙනුවෙන් මීගමුවේ බදුගෙවන ජනයාගේ මුදලින් නඩත්තු වන සේවයකයන් යොදවා තිබේ.
මීගමුවේ පරිපාලන අධිකාරිය යනු දේශපාලන අධිකාරියේ  පුර්ණ ග්‍රහනයට හසුව ඇති පිරිසක් යැයි අපි අවස්ථා කිපයකදිම කියා ඇත්තෙමු.
මේ අනුව අපට අසන්නට ඇත්තේ මීගමුව දැන් පාලනය කරන්නේ දායන් ලංසාද නැතිනම් කොමසාරිස්ද යනුවෙනි.