දළුපතදී සොරුන් දෙදෙනෙකුට ගම්වාසීන්ගෙන් ප්‍රහාරයක්

0
139

Photo 0002ජුනි 15 වනදා පෙරවරුවේ  දළුපත දී සා. අන්තෝනි දේවස්ථානය අසල ඇති  නිවසකට පැමිණ ගෙහිමියාගෙන්  රත්තරන් චේන් පොටක් මංකොල්ලකෑමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු ගම්වාසීන් විසින් අල්ලාගෙන මීගමුව පොලීසියට බාරදී ඇත. මෙම සිදුවීම සිදුවී ඇත්තේ දේවස්ථානයට ආසන්නයේ සුරතල් බලූ පැටව් අළෙවි කරන නිවසකදීයි. එම නිවසට ඊයේ දහවල් පල්සර් වර්ගයේ යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු බලූ පැටව් මිළදී ගැනීමට පැමිණියා සේ හඟවා එම ගෙහිමියාගේ පවුම් 05ක් පමණ වටිනා රන් මාලය ගලවා ගැනීමට උත්සාහ කර ඇත. මෙම සොරුන් දෙදෙනා ලගම පිහි දෙකක් තිබී ඇත. එක් පුද්ගලයෙකු විසින් එම චේන්පොට පිහියෙන් කැපීමට උත්සාහ කරද්දී චේන්පොට පිහියට කැපී ගැලවී නිවස ඉදිරිපස වහලයේ රැුඳී තිබේ. මේ අතර එක් සොරෙකු එම වහලයට නැග එම චේන් පොට රැගෙන අසල තාප්පයක් දිගේ දුවමින් අසල තාප්පය දිගේ පලා යෑමට උත්සාහ දරා ඇත. එම අවස්ථාවේදී අවට සිටි පුද්ගලයන් පිරිසක් ඔහුව අල්ලාගෙන ඇත.  ගෙහිමියාගේ කෑ ගැසීම ඇසී නිවසට පැමිණි අසල්වාසීන් යතුරු පැදිය පණගන්වමින් සිටි අනෙක් සොරාවද අල්ලාගෙන ඇත. පසුව ගම්වාසීන් විසින් මෙම පුද්ගලයන් දෙදෙනාට පහරදී  පොලීසියට බාරදී ඇත. මේ වන විට එම පුද්ගලයන් දෙදෙනා පොලිස් රැුකවරණය යටතේ රෝහල් ගත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here