මීගමුව නගරය මැද වෙඩි බෙහෙත් ගබඩාවක් ?පිපිරුණා නම් බරපතල විනාශයක් ?

0
67

154මිගමුව නගර මධ්‍යයේ පාසල් උපකරන හා ලිපි ද්‍රව්‍ය අලවි කරන වෙළද සැලක් පිටු පස කඩ කාමර දෙකක ගබඩා කර තිබු වෙඩි ඛෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග වෙළද  සැලේ හිමිකරු මිගමුව නිතිය බල ගැන්විමේ  එ්කකය විසින් පසුගිය ජුලි  24  වනදා අත් අඩංගුවට ගෙන ඇත
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ  මිගමුව කෘස් පාරේ චමින්ද ස්ටෝර්ස් හි අයිතිකරුවන මොරක්කුලිය දංකොටුව පදිංචි චමින්ද 65 යන අයෙකි .
නිසි බල පත්‍රයක් නොමැතිව කාලයක සිට පවත්වා ගෙන ගිය මෙම වෙඩි ඛෙහෙත් හා පුපුරණ ද්‍රව්‍ය ගබඩා දෙක දිනකට විශාල ජන සංඛ්‍යාවක් පැමිණෙන   මිගමුව නගරයේ තිබිම හේතුවෙන් යම් පිපිරිමක් ඇති උවානම්  පුද්ගල හානි හා දේපල හානි රැසක් විනාශ විමට ඉඩ තිබු බව ගම්පහ දිස්ත්‍රික් සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක වි ටි විජේතුංග මහතා ප්‍රකාශ කලේය5 (1)
මිගමුව නිතිය බල ගැන්වීමේ ඒකකයට ලැබුණු තොරතුරක් මත මෙම වෙඩි ඛෙහෙත් හා පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වි තිබුණු අතර සෙයා ගන්නා වෙඩි ඛෙහෙත් තොගය අතර මෙතෙක් මෙරරට ගෙන්විමට අවසරය ලබා දී නැති පුපුරණ ද්‍රව්‍යයක් වන පොටසියම් පර්ක්ලොරේටි කිලො ගෑම් 800ක් සහ තවත් පුපරණ ද්‍රව්‍ය කිලෝ ගෑම් 120ක් පර්ක්ලොරෙටි නැමති පුපුරණ ද්‍රව්‍ය තිබු හිස් බැරල් විශාල ප්‍රමාණයක් මෙහි තිබි සොයා ගැනීමට හැකි වු බව පොලිසිය පැවසීය
මෙම වෙඩි ඛෙහෙත් තොගය මෙම ස්ථානයේ ගබඩා කර තිබුනේ කුමන හේතුවක් මතද මෙම වෙඩි ඛෙහෙත් තොගය කුමට ගෙනාවද කවුරුන් අතර මෙම වෙඩි ඛෙහෙත් ඛෙදාහැරිය යන සිද්දියන් සම්බන්දයෙන් පුර්ණ පරික්ෂණයක් සිදූ කොට  සැක කරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව කියයි
මිගමුව ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි පියලාල් දසනායක උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි අජිත් රෝහන ගමගේ අධික්ෂණය යටතේ නීතිය බල ගැන්විෙමි ඒකකයේ ස්ථානාධිපති ආර් ඒ ජි මනොහරන් උ පො ප දසනායක පො සැ කොම් පෙරේරා 51744 පො සැ රවුප් 63188 පො සැ චමින්ද 86678 පො කො රි ජයසේකර 52148 යන නිළධාරින් පිරිස මෙම වැටලීම සිදූකර ඇත
පියපේම මාණික්කරත්න –