ශ්‍රී ලාංකීය ජනතාවගේ කාර්යක්ෂමතාවය වර්ධනයට ජපානයෙන් අතහිත.

0
48

My Number යනුවෙන් මේ වන විට ජපානයේ ක්‍රියාත්මක වන කාඩ්පත් ක්‍රමයක් මෙරටට හදුන්වා දීමට ජපාන රජය කැමැත්ත පල කර තිබෙනවා. ඒ පසුගිය දිනක ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆුකුඩා සෙන්සායි මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැති සාකාච්ඡාවකදීයි.

මෙ කාඩ් ක්‍රමය මගින් මෙරට සියළු පුරවැසියන්ට තමන්ගේ සියළු තොරතුරු ඇතුලත් ඉලෙක්ට්‍රොනික කාඩ් පතක් ලැබෙන අතර එම කාඩ්පත තමන්ගේ එදිනෙදා ගණුදෙනු සදහා භාවිතා කිරීමේ හැකියාවද පවතිනවා. ඒ නිසාම මෙම තාක්ෂණය මෙරටට හදුන්වාදීමට ජපානය කැමැත්ත පල කිරීම සම්බන්දයෙන් තමන් ඉතාමත් සතුටු වන බව පැවසූ ජනපතිතුමන් මෙරට අදාල බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම වැඩපිලිවෙල මෙරට ක්‍රියාත්මක කල හැකි ආකාරය අධ්‍යනය කිරීමට කටයුතු කරන බව පවසා තිබෙනවා.

ජපානයේ භාවිත වන My Number කාඩ්පතක සාම්පලයක්..
ජපානයේ භාවිත වන My Number කාඩ්පතක සාම්පලයක්..

 

news.lk ඇසුරිණි.