වෙන්නප්පුවේ ජංගම වෙළදසල්වල අලෙවි කෙරෙන ආහාරවල ප්‍රමිතිය පිලිබද ගැටළුවක්..

0
42

වෙන්නප්පුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ මාර්ග අසල හා මංසන්දිවල පවත්වාගෙන ජංගම ආහාර වෙළඳ සැල් නිසි පරික්ෂාවක් නොකිරිම නිසා එම ජංගම වෙළඳ සැල් ඉතා අපිරිසිඳු තත්වයෙන් පවත්වාගෙන යාම හේතුවෙන් ගැටළු රැසක් ඇති වි තිබෙන බව ජනතාව පවසයි. විශේශයෙන්ම වඩේ වෙළඳ සැල් හා වෙනත් ක්ෂණික ආහාර නිපදවන වෙළඳ සැල් සවස්වරුවේ හා රාත්‍රියේ වෙළඳ කටයුතු නිරතවෙන බවත් එයින් පසුව ඔවුන්ගේ සියලු ආම්පන්න ඇතුලු ජංගම වෙළඳ සැල් අසල තිබෙන කඩයක් පිටුපස හෝ නිවසක් පිටුපස දමායාම තුල එම උපකරණ වලට විවිධාකාරයේ සත්තු එකතුවන බව පෙන්වා දෙයි. එම වෙළඳ සැල්වල භාවිතා කරන තෙල් දින ගණනාවක් බැදුම් කටයුතුවලට යොදා ගැනිම නිසාත් එම තෙල් භාජන අනාරක්ෂිතව දමා යාම නිසා එයට එකතුවෙන කෘමින් සමගම පසුදින ඒවා උපයෝගි කරගෙන නිපදවන ආහාර මිනිස් සිරුරට අහිතකර වන බව ජනතවා පෙන්වා දෙති. එමෙන්ම මෙම ආහාර මුද්‍රිත කඩදාසි සහිත තින්ත අකුරු සහිත බෑග්වල දමා දීම නිසාද එම ආහරත් සමග රසායනික ද්‍රව්‍ය ශරිරගතවීම නිසා විවිධාකාරයේ රෝගාබද වැළඳිය හැකි බව පෙන්වා දෙන ජනතාව මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය බළධාරින්ගේ අවදානය යොමු කර එම වෙළඳ සැල් නිසි ප්‍රමිතියෙන් හා සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි.
ඔබත් මෙවැනි ස්ථානවලින් ආහාර මිලදි ගන්නේ නම් එම ආහාර නිපදවන ස්ථානයේ තිබෙන පිරිසිඳුකම හා එම ආහාර බහා දෙන කවර පිළිබඳව සැලකිලිමත් වෙන්න මුදල් දි ලෙඩ රෝගත් නොමිලේම ලබාගන්නා ස්ථාන පිළිබඳව දෙපාරක් සිතන්න

චන්දන