ප්‍රාදේශීය ලේකම්වරයාත් ගුරුගේට අහුවුණාද?

0
33
  1. guruge and nimal newමිගමුවේ රාජ්‍ය නිළධාරීන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබදව දැන් ගැටළු මතුවෙමින් තිබෙි.
    විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් වරයා මෙන්ම නගාරික කොමසාරිස් වරයාටද මේ වන විටත් විවිධ චෝදනා එල්ල වෙමින් තිබේ .
    මතුභේදයට තුඩු දි ඇති ගුරුගේ ට අයිතියැයි ඔහු විසින් කියන කිංග්ස් අයිලන්ඩ් හෝටලය පිහිටා ඇත්තේ මිගමුව කලපුවේ ඇති දුපත් 13 නෙන් එකකය.
    මෙයට එරෙහිව ධිවර සංවිධාන විසින් පසුගිය කාලය තුල දැවැන්ත විරෝධතාවයක් දියත් කොට තිබුණි.
    තතු එසේව තිබියදි මිගමුව ප්‍රාදේශීය ලේකම් වරයා විසින් පසුගිය දිනක ගම්පහ දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට මෙන්ම දිසාපතිවරයාටද දිවා ආහාරයක් මෙම හෝටලය තුල සංවිධාන කොට තිබුණි.
    මිගමුව කලපුව මුල්කොට ගෙන දැවැන්ත ව්‍යාපාරික සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට යන ගුරුගේ විසින් මිට පෙර අවස්තා කිපයකදිම සිය ව්‍යාපාරික උවමනාවන් හා සම්බන්ධ රාජ්‍ය නිළධාරීන් හට විවිධ සම්භාෂණ සංවිධානය ක‍ොට තිබුණි .
    මින් වඩාත් ප්‍රකට සම්භාෂණ ය වි තිබු‍ණේ පසුගිය රජය සමයේ ඔහු විසින් මහාධිකරණ විනිසුරුවරුන් විශාල පිරිසක් හට සංවිධානය කොට තිබුණු සුපිරි රාත්‍රි භෝජන සංග්‍රහයයි.
    මෙවන් පසුබිමක් යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාතම රාජ්‍ය නිළධාරින් මෙසේ දිහා භෝජනයක් සදහා එක්ව තිබිම ගැන විවිධ මත පළවෙමින් තිබේ.
    එහෙත් මිගමුව ප්‍රාදේශීය ලේකම් අලවත්ත මහතා කියා සිටින්නේ මේ දිවා භෝජනය සදහා ඔවුන් මුදල් ගෙවන බවය.එහෙත් අප ඔහුගෙන් විමසා සිටියේ මෙවන් මත්භේදාත්මක තැනක් තෝරා නොගෙන වෙනත් තැනක් තෝරා නොගත්ත‍ේ මන්ද යනුවෙනි.
    තමන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට මෙය පෙන්විමට අවැසිව තිබු නිසා එය තෝරා ගත් බව ඔහු කියා සිටි.මෙම සිදුවිම් මගින් පෙනි යන්නේ අතිශය දුෂිත දේශපාලන අධිකාරියක් ක්‍රියාත්මක මිගමුව තුල දැන් පරිපාලන අධිකාරියටද එකි රෝගයන් බෝවි ඇතිබවය.මිගමුව පාලනය කළ සියලුම දේශපාලකයන් මේ වන විටත් ගුරුගේ  ගේ මේ ව්‍යාපාරික ගැටවලට අසුවි හමාරය.දැන් මේ ක්‍රියාත්මක වෙමින් ඇත්ත‍ේ පරිපාලන අධිකාරියේ වාරයයි.