කුණු දැමීම නැවත්වීමට ප්‍රතිමාවක් සිටුවලා

0
58
26042015-Bangalore- FOR ON THE STREET Garbage dumped near Ambedkar Statue on the 80 feet Raod, Koramangla in front of Passport Office. Photo:R. Samuel

සීදූව ලියනගේමුල්ල වෙල බොඩ පාරේ ස්ථානයකට ප්‍රදේශවාසීන් හා විවිධ පුද්ගලයින් විසින් කුණු දමන ස්ථානයක් පිරිසදු කර එම් ස්ථානයේ  දේව  ප්‍රතිමාවක් ස්ථාපිත කිරිමට තවත් ප්‍රෙද්ශවාසීන් පිරිසක් කටයුතු කර තිබුණි. මේ සම්බන්ධයෙන්  සීදූව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් එම ප්‍රතිමාව ඉවත් කිරිමට නියෝග කර ඇති අතර එයට  එරෙහිව ප්‍රදේශවාසීන්ගේ විරෝධය පැමක් 30 දින සවස සිදූකෙරුණි.
මෙම ස්ථානයට පැමිණි පිරිස ප්‍රකාශ කලේ මෙම ස්ථානයෙන් යන විවිධ පුද්ගලයින් කුණු ගෙවිත් දමා මෙම ස්ථානය විශාල කුණු කන්දක් වි තිබුණු බැවින් මුළු ප්‍රදේශයටම දූගද හමන අතර මැසි මදූරුවන්ගේ රජ දහනක් වි නිබුණු බවය. එම නිසා මෙම ස්ථානය ගම්වාසින් විසින් පිරිසිදූ කර නැවත එම ස්ථානයට කුණු ගෙනවි දැමිම නතර කර ගැනීමේ අරමුණින් දේව ප්‍රතිමාවක් ස්ථාපිත කල බවයි. එම දේව ප්‍රතිමාව නිසා  එම ස්ථානයෙන් යන එන කිසිවකුටවත් කිසිම  අවහිරයක් හෝ බදාවක් නැති බවයි.
එම ස්ථානයට පැමිණි කටාන ආසනයේ එ ජා ප ප්‍රධාන සංවිධායිකා රෝස් ප්‍රනාන්දූ මහත්මිය කියා සිටියේ මෙම දේව ප්‍රතිමාව තබා ඇති ස්ථානය රජයේ ඉඩමක් බැවින් මෙම සංවර්ධන කටයුතු සදහා යම් ව්‍යපෘතියක් ආරම්භ කිරිමට ගැනීම වෙනුවෙන් තිබු හිස් ඉඩමක් බැවින් මෙම දේව ප්‍රතිමාව තැබිම නිසා කිසිම කෙනෙකුට හිරි හැරයක් නැති බවත් මෙම ඉඩමෙන් කොටසක් සමහර හිටපු නාගරික මන්ති්‍රලා ව්‍යජ ඔිප්පු සාදා අනවසර ඉදිකිරම් නතා ඇති මෙම ඉඩමේ මෙවැනි දේව ප්‍රනිමාවක් තැබිම කිසිම පුද්ගලයෙකුට හිරි හැරයක් නොමැති බවයි.

ප්‍රියපේම මාණික්කරත්න