ටූත්පේස්ට් ටියුබ් එකේ පාට තීරු වලින් කියැවෙන දේ ගැන ඔබ දන්නවාද?

0
56

ලංකාවේ බොහෝ දෙනෙක් මුඛ සෞඛ්‍ය පිලිබඳ දක්වන්නේ ඉතා අඩු අවධානයක් වන අතර නිවැරදි දන්තාලේපයක් තෝරා නොගැනීම මගින් දත් මුල් දිරා යාම, දත් අවපැහ ගැන්වීම, මුඛයෙන් දුගඳ හැමීම වැනි බරපතල කරුණු වලට මුහුණ දීමට සිදුවිය හැක. දවස නැවුම්ව ආරම්භ කිරීමටත් නොබියව ඕනෑම තැනක ප්‍රසන්න සිනාවකින් මුව සරසාගෙන වැඩ කටයුතු කිරීමටත් හොඳ දන්තාලේපයක් තෝරාගැනීම මගින් ඔබට හැකිවනු ඇත.

දන්තාලේප ටියුබයේ පාට වලින් කියැවෙන දේ ගැන ඔබ දන්නවාද?

ඔබ භාවිතා කරන ඇතැම් දන්තාලේප හොඳින් නිරීක්ෂණය කළහොත් එහි යට කොටසේ කුඩා වර්ණවත් තීරුවක් ඔබට දැක ගත හැකියි.

නිල්, කොළ, රතු, කළු යනාදි වශයෙන් විවිධ අයුරින් මෙම වාර්ණවත් තීරුව ඔබට දැකගත හැකියි.

එමෙන්ම මෙම වර්ණවත් තීරු වලින් දැක්වෙන්නේ කුමක්ද යන්න සමාජයේ විවිධාකාර මතවාදයන් පවතිනවා.

මෙම එක් එක් වර්ණවත් තීරු වලින් දැක්වෙන්නේ කුමක් දැයි පසුගිය කාලය පුරාවට වෙබ් අඩවිවල පලවී තිබුනා. එම වෙබ් අඩවි වල දැක්වූ අකාරයට දත් බෙහෙත් ඇසුරුමේ…

කොළ පැහැති තීරුව – ස්වභාවික‍ ද්‍රව්‍යන් පමණක් දන්තාලේපය තුළ අන්තර්ගත වේ.
නිල්පැහැති තීරුව – දන්තාලේපය ස්වභාවික ද්‍ර‍ව්‍ය අන්තර්ගත වන නමුත් අමතරව විවිධ බෙහෙත් ද්‍රව්‍ය අන්තර්ගතකොට ඇත.
රතු පැහැති තීරුව – දන්තාලේපය තුළ ස්වභාවික ‍ද්‍ර‍ව්‍ය අන්තර්ගත නමුත්,විවිධ රසායනිකයන් එය තුළට අන්තර්ගතවී ඇත.
කළු පැහැති තීරුව – දන්තාලේපය අන්තර්ගත වන්නේ රසායනික ද්‍ර‍ව්‍ය පමණි.

විවිධ වෙබ් අඩවි මගින් එවන් පුවත් පළකොට තිබුනත් එම පුවතෙහි කිසිදු සත්‍යයතාවක් නොමැත.දන්තාලේප නිෂ්පාදකයන් මෙම වර්ණවත් තීරුව යොදාගන්නේ දන්තාලේප ටියුබයට කොපමණ දන්තාලේප ප්‍ර‍මාණයක් පිරිවිය යුතුද, ටියුබය අවසන් වන්නේ කොතනින්ද යන්න තීරණය කිරීමට මිසක් එහි අඩංගු ද්‍රව්‍ය පිලිබඳ පණිවුඩයක් ලබාදීමට නොවේ.

ගුණාත්මක දන්තාලේප ඇසුරුමෙහි ඇති වර්ණ තීරු වලින් සෙවිය නොහැකි අතර වඩා වැදගත් වන්නේ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ ලියාපදිංචි කළ වඩා විශ්වාසවන්ත දන්තාලේපයක් තෝරාගැනීමයි. එහිදී වසරක් දෙකක් නොව වසර ගණනාවක් තිස්සේ එම සහතිකය ලබාගත් වෙළඳපොලේ පවතින දන්තාලේපයක් තෝරාගැනීම මගින් ඔබේ දත් දෙපල ආරක්ෂා කරගත හැක.

inside-img

 

අන්තර්ජාලය ඇසුරිණි.