ගමනාන්තයේ ගැටුම අධිකරණයට

0
75

කොළඔ සිට කුලීයාපිටිය ගමනාන්තය දක්වා ගමන් ගන්නා ලංකා ගමනා ගමන මංඩලයට අයත් මගී බස් රථයක ගමන් ගත් මගියෙකු එම බස් රථයේ කොන්දොස්තර වරයාට පහර දී මුදල්  පැහැර ගත් බවට මිගමුව පොලිසියට කරණ ලද පැමිණිල්ලකට අනුව එම මගීයා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කලේය
මෙසේ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මිගමුව දළුපත වික්ටොරියා පාරේ පදිංචි 63 හැවිරදි එම්.ඉෂෙඩ්. එම් රවුෆ් යන පුද්ගලයෙකි.
පසුගිය  10 දින රාත්‍රී 7 පමණ කොළඔ සිට කුලීයාපිටිය ගමනාන්තය දක්වා ගමන් ගන්නා බස් රථය මිගමුව ඩිපෝව හංදිය ආසන්නයට එන විට මගියෙකු බැසීම සඳහා  බසයේ සීනුව නාද කිරිම නිසා බසය ඩිපොව හංදියේ මගියාට බැසීමට බසය නවතා ඇති අතර මගියා එම  අවස්ථාව වන විටත් බසයේ මැද සිට මගීන් බහින දොර වෙත ලගා වෙමින් සිට ඇත. එම අවස්ථාවේ දී  මගීන් 60ක් පමණ බසය තුල සිටි නිසා බසය මද වේලාවක් නතර කර නැබුවත් මගියා බැසීමට ප්‍රමාද විම නිසා කොන්දොස්තරවරයා හා මගීයා අතර බහින් බස් විමක් සිදූ විමක් සිදූව නිඛෙන බවත්  එම බහින් බස්විම  සිදූ වෙනවාත් සමග කොන්දොස්තර වරයා අත ඇති රුපියල් 6653 සත 50ක මුදලක් උදූරාගෙන ගොස් ඇත.
බසයේ කොන්දොස්තර හා මගීයා අතර බහින් බස් විම දූර දිග යාම නිසා මගීයාට  පහර දීම හේතුවෙන් මගියා තුවාල ලබා මිගමුව රෝහලේ 6 වන වාටිටුෙවි පොලිස් ආරක්ෂාව මත නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියි.
සිද්ධිය සම්බන්ධයෙන් මගීයා මාධ්‍යවෙත  කරුණු දක්වමින් ෙමිසේද කියා සිටියේය.
පුද්ගලික අවශ්‍යතාවයක් මත සිද්ධිය වු දිනයේ කොළඔ ගොස් නිවස බලා ඒමට කොළඔ ලංකා ගමනා ගමන මංඩලයට අයත් බස් නැවතුම් පොලට ගොස් කලියාපිටිය බස් එකකට නැග බසයේ මැද හරියෙන් සීටි එකක ඉද ගෙන එන විට බසය මිගමුව පසු කරනාවාත් සමග දළුපත   ප්‍රදේශයෙදී බසයේ සීනුව නාද කළ බවය.
බසයේ අදික සෙනගක් සිටි නිසා බසයෙන් බැස ගැනීමට යම් ප්‍රමාදයක් උනු බවත් එම අවස්ථාෙවි බසයේ කොන්දොස්තර වරයා තමාට තර්ජනාත්මකව බසයෙන් බැහැ  ගන්න කියා ප්‍රකාශ කල බවත් පසුව බසයෙත්  බහින විට ඉක්මනට බැහැ ගන්නවා කියලා ඇගෙන් අල්ලා තල්ලු කර බවත් මගියා ප්‍රකාශ කළේය. එවිට  බසයෙන් වැටෙනවාත් සමග ආධාරයකට මෙන් අල්ලා ගැනීමට හැකි උනේ කොන්දොස්තර වරයාගේ අතය.  එම අවස්ථාෙවි ඔහුගේ අතේ තිබු ටිකටි කඩන යත්‍රයේ නිබු ආවර්නය ඔහුගේ අතට ආ බවත් එවිට කොන්දොස්තර මෙන්න හොරෙක් කියා කෑ ගසනවිට බසයේ සිටි සෙනග අතරින් කීප දෙනෙක් හා කොන්දොස්තර වරයා ඔවුනට බිම දාගෙන පහර දූන් බවය. එම  අවස්ථාවේ අසල නිබු කඩයකට දිව ගොස් ඔහුගේ ජිවිතය  ෙබිරා ගත් බවයි.
1(1)
බසයේ පැමිණි මගියාට පහර දීමෙන් පසු බසය ඉදිරිපිට මගියා වැටි තිබු අයුරු