මීගමුව කියන්නේ දේදුනු නගරයක්

1
86

මීගමුව කියල කියන්නේ බහු ආගමික බහු සංස්කෘතික නගරයක් .හරියට දේදුනු නරගයක් වගේ. සිංහල ,දෙමළ ,මුස්ලිම් ජනතාව  මේ නගරයේ ජීවත් වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ආගමික සංස්කෘතින් ද මේ නගරය තුළ ප්‍රදර්ශනය වෙනවා.  ඒ නිසයි මෙහි තිබෙන සුන්දරත්වය. අද වනතුරැ ඔවුන් සහජීවනයෙන් ජීවත් වෙනවා.

කැමැති කෙනෙක්ට කැමැති ආගමක් අදහන්න නිදහසක් තියෙන්න ඕනේ කියල රටේ ඉහලම නිතිය විසින් සනිටුහන් කරලයි තියෙන්නේ. නමුත් එක ආගමකට වැඩි සැලකිලි ලැබෙනවා නම්  ඒක අනිවාර්යෙන්ම  තවත් ආගමක් කොන් කිරිමක්. ඒ හින්දම මීගමුව වගේ නගරයකදි පාලකයෝ බුද්ධිමත්ව මේක කළමණාකරණය කර නොගත්තොත්  වෙන්නේ විසදන්ඩ බැරි අනාගත ප්‍රශ්නයක් ලෙඩක්.

දුරදිග බලන්නේ නැතිව තිල්ලන්දුව පල්ලියේ හිටපු ආන්නද විතාන කියන ස්වාමිගේ ඉල්ලිමක් උඩ නගර සභා භූමියේ දැවැන්ත සුරුවමක් තියන්න එවකට හිටපු නගර සභා පාලනය අවසර දෙනවා.මේ හින්දම කිතුණු බෞද්ධ භේදයක් ඇති වෙනවා.මේකේ ආනිසංස ඒ කාලෙම දැකපු ගොඩක් අය කිව්වේ නගර සභාව කියන්නේ පල්ලියක් නෙමෙයි පොදු ආයතනයක් එහෙම ඉඩමක තඩි සුරැවමක් තියෙන්න කියලා ඉල්ලපු කෙනත් පිස්සෙක්. ඒකට අවසර දුන්න නගර සභා පාලනය කියෙන්නෙත් පිස්සෝ රැලක් කියල.

කොහොම හරි සුරුවම් තියල ඒකට  ආවරණයකුත් හදල හරියට මුළු මිගමුවෙම ජනතාවට ස්වර්ගෙට යන්න ලයිසන් අරන් දුන්න කියල හිතපු මෝඩ කතෝලිකයන්ට දැන් මේ නගරයේ ආගමික සාමය කඩකිරිම වෙනුවෙන් වගඋත්තර බදින්න කාලේ ඇවිත්.

මීගමුවේ පොඩි පන්සලේ මුලිකත්වයෙන් ඉල්ලිමක් ඇවිත් තියෙනව නගර සභා භුමියේ කානුව අසල තියෙන බුද්ධ ප්‍රතිමාව ටිකක් මෙහෙට කරල තියන්න නගර සභා භූමියේ ඉඩක් දෙන්න කියල. දැන් ඉතින් නගර සභාවට බැ කියන්න බැනේ.ඇයි අර තඩි සුරුවමක් තියන්න කතෝලිකයන්ට අවසර දුන්න නම් ඇයි බෞද්ධයන්ට බැරි.

දැන් මීගමුවේ උප නගරාධිපති මුසල්මානුවෙක් .එයා ඉල්ලිමක් කලොත් අපට පුංචියට පල්ලියක් හදාගන්න ඉඩක් දෙන්න කියල මොකද වෙන්නේ ඇයි බැ කියන්නද…?? ඒ විතරක් නෙමෙයි විපක්ෂ නායකකමටත් පහුගිය කාලේ පයිට් කරපු විපක්ෂයේ දෙවනියට වැඩිම මනාප ගත්ත දෙමල මන්ත්‍රි කිව්වොත් අපටත් කෝවිලකට කොහෙන් හරි පොඩි ඉඩක් දේනන ආඩවනේ කියල. බැ කියන්නද?? බෑ. දෙන්නම වෙනව.

දැන් මොකද වෙලා තියෙන්නේ මීගමු නගර සභාවෙන් පොඩි පන්සලට වැඩේ කරගන්න කියල සිග්නල් එක් ලැබිල තිබුන හින්ද කට්ටිය සුරැස් ගාල වැඩේ ට බැස්ස.මේක දැකපු පල්ලියේ ලොක්කෝ තක්කු මුක්කු වුනා. නැවතුනේ පොලිසි ගිහින් . ඒ විතරක් නෙමෙයි දැන් පල්ලියටත් ඉන්නවනේ M.R. කෙනෙක් .රජාට වඩා පොඩ්ඩයි තේජස අඩු. එයාටත් සිංගාලා කම්පේලෙන් ගියා.

එයත් දැන් ගේමට බැහැල කියලයි අපට නම් තියෙන ආරංචිය. අපි මේක ලියන්නේ  මේ මීගමුවේ බුද්ධිමත් ජනතාවට එයාල ගණනින් අතලොස්සක් වෙන්න පුලුවන්.නමුත් මීගමුව පුරා පැතිර යමින් තියෙන මේ පිස්සු බලු  රෝගයේ බරපතල කම තේරැම් අරගෙන පුළුවන් විදියකට මැදිහත් වෙන්න .

අනික තමයි හංදි ගානේ සුරුවම් තියෙන සුරුවම් කතෝලිකයොත් ඒවට අවසර දෙන පල්ලියේ  ඇතැම් නායකයන් තේරුම් ගන්න ඕනේ. තමන්ගේ ආගම ඇදහීම ප්‍රදර්ශනාත්මකව සිදුකරනවාට වඩා කරන්ඩ ප්‍රාෙයා්ගික වැඩ ඕන තරම් තියෙනවා කියලා. අද ජීවත් වෙන්ඩ විදිහක් නැතිව කතෝලික ධීවරයෝ සිය දිවි නසා ගන්නවා. මොනාද මේ ආකමික ආයතන කරන්නේ ? ඒක තමයි  අපි දන්න තිත්ත ඇත්ත ..අනික් එක තමයි අපි දන්න දේ,  මේ සුරුවම් තියලා ස්වර්ගයක් කරන්න හැදුවත් ඇත්තටම මීගමුව පාලනය වෙන්නේ පතාලයෙන් කියල.මේ තමයි කව්රු ඇකමැති වුනත් ඇත්ත.