පසුගිය ජුනි මස 2 වෙනිදා මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි මිපුර කර්තෘ ප්‍රෙඩී ගමගේ වෙත මරාන්තික පොලු පහරක් එල්ල කර මීගමුව මහනග සභා සේවකයා හිටපු නියෝජ්‍ය නගරාධිපතිගේ මෙන්ම ඇමති නිමල් ලංසාගේද ඉතාමත් සමිපතම ආධාරකරුවෙකි.
එපමණක් නොව ඔහු පසුගිය පාලන සමයේ බොහොමයක් වු මැර ක්‍රියා ගැන නිතර නම සදහන් වු නිල්බලකායේ ප්‍රධානි නාමල් රාජපක්ෂගේද බඩියෙක් බව කියැවේ.
මේ සියළු සබදතා නිසා හිටුප මහින්ද රාජපක්ෂගේ නිතිඥ මඩුල්ලේ ප්‍රධානියෙකු වු ජනාධිපති නිතිඥයෙකු මේ තුෂාන් නැමැත්තාගේ ඇප ඉල්ලිම වෙනුවෙන් පසුගිය දිනක මීගමුව මහේස්රාත් අධිකරණය හමුවේද පෙනි සිටියේය.
යහපාලන රජය ගෙන ඒම සදහා මරණ තර්ජණ මැද කටයුතු කළ මාධ්‍යවේදියෙකු අද මහින්ද රාජපක්ෂලාගේ ම මැරයන්ගේ ප්‍රහාරයකට ලක්ව තෙමසක්ද පිරෙමින් තිබේ.
මේ මරාන්තික ප්‍රහාරය සැලැසුම් කළ හිටපු නගරාධිපති දායන් ලංසා හා තුෂාන් නැමැති මැරයා අතර පහරදිම සිදුකරන ලද දිනයේ දුරකථන ඇමතුම් 15 ක් සිදුව ඇති බවට පොලිසිය විසින්ද සිය බි වාර්ථාවේද දක්වා සිටියද තෙමසක් ගෙවුන තැනද මීගමුව පොලිසියට මේ දුරකථන සංවාද ගැන ප්‍රශ්ණ කිරිම සදහා දයාන් ලංසා අත්අඩංගුවට ගැනිම මගහැර තිබේ.